Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 6:38 - Sinhala Revised Old Version

38 ඔවුන් වාලට ගෙනගියවුන්ගේ දේශයෙහිදී ඔවුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයද ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනැගූ ගෘහයද දෙසට හැරී යාච්ඤාකරන්නෝ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 ඔවුන් වහල්කමට ගෙන ගිය අයගේ දේශයෙහි දී ඔවුන්ගේ මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශය ද ඔබ තෝරාගත් නුවර ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී ඔව්හු යාච්ඤා කරන්නෝ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 ඔවුන් වහල්කමට ගෙන ගිය අයගේ දේශයෙහි දී ඔවුන්ගේ මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශය ද ඔබ තෝරාගත් නුවර ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී ඔව්හු යාච්ඤා කරන්නෝ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 6:38
11 හුවමාරු යොමු  

ඒ පත්‍රය අත්සන් කළ බව දානියෙල් දැනගත් විට, තමාගේ ගෙදරට ගොස්, තමාගේ උඩුමහලේ කවුළු යෙරුසලම දෙසට ඇරී තිබියදී, තමා ඊට පළමු කළාක්මෙන් දවසට තුන්වරක් දණින් හිඳ තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකොට ස්තුතිකෙළේය.


ඔබගේ සෙනඟ තමුන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔබ විසින් යවන යම් මාර්ගයකින් ගොස්, ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනගනලද ගෘහයද දෙසට හැරී ඔබට යාච්ඤාකරන්නෝ නම්,


ඔවුන් වාලුන් කොට ගෙනයනු ලැබූ දේශයේදී ඔවුන් කල්පනාකොට, හැරී, ඔවුන් වාල්ව සිටින දේශයේදී ඔබට කන්නලව්කර: අපි පව්කෙළෙමුව, අපි හිතුවක්කාරකම්කොට දුෂ්ට ලෙස ක්‍රියාකෙළෙමුයයි කියමින්,


ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා, ඔවුන්ට යුක්තිය කොට, ඔබට විරුද්ධව පව්කළාවූ ඔබගේ සෙනඟට කමාවුව මැනව.


එවිට මම: ඔබගේ ඇස් හමුයෙන් පහකරනු ලැබීමි; එහෙත් ඔබගේ ශුද්ධ මාළිගාව දෙස නැවත බලන්නෙමියි කීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්