Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 5:12 - Sinhala Revised Old Version

12 ආසාප්ද හේමාන්ද යෙදුතුන්ද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ගීතිකාකාරයෝවූ ලෙවීවරු සියල්ලෝම සිහින් හණ සළු හැඳ, අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව, පූජාසනයට පෙර දිගින් සිටියෝය, ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝය.)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ආසාප් ද හේමන් ද ජෙදුතුන් ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ගායකයන් වූ ලෙවීවරු සියල්ලෝ ම සිහින් හණ සළු හැඳ, අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව පූජාසනයට පෙරදිගින් සිටියෝ ය. ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ආසාප් ද හේමන් ද ජෙදුතුන් ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ගායකයන් වූ ලෙවීවරු සියල්ලෝ ම සිහින් හණ සළු හැඳ, අත්තල් ද වීණා ද මහා වීණා ද ඇති ව පූජාසනයට පෙරදිගින් සිටියෝ ය. ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් නළා පිඹිමින් සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 5:12
26 හුවමාරු යොමු  

පූජකයෝවූ ෂෙබනියාද යෝෂාපාට්ද නෙතනෙල්ද අමසයිද සෙකරියාද බෙනායාද එලීයෙසෙර්ද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය පෙරටුවෙන් නළා පිම්බෝය. ඵිබෙද්-ඒදොම්ද යෙහියාද ගිවිසුම් පෙට්ටිය උදෙසා දොරටුපාලයෝව සිටියෝය.


රබන් ගසන කන්‍යාවන් මැද ගී කියන්නෝ පෙරටුව ගියෝය, ගායනාකාරයෝ පසුව ගියෝය.


තවද ඔහු දාවිත්ගේද රජුගේ දිවස් ඇත්තාවූ ගාද්ගේද ප්‍රොපේතවූ නාතාන්ගේද අණ පරිද්දෙන් අත්තල්ද වීණාද මහ වීණාද ඇතුව ලෙවීවරුන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සිටෙවුවේය. මක්නිසාද ඒ ආඥාව ස්වාමීන්වහන්සේගෙන් ප්‍රොපේතවරුන් අතින් වූයේය.


පූජකයෝද තම තමුන්ගේ තනතුරුවල යෙදී සිටියෝය; ලෙවීවරුත් ස්වාමීන්වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝය, ඔවුන් ලවා දාවිත් රජ ප්‍රශංසාකරවන විට: මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ස්තුතිකිරීමට දාවිත් විසින් ඒවා සාදවා තිබුණේය. පූජකයෝද ඔවුන් ඉදිරිපිටින් සිට නළා පිම්බෝය; සියලු ඉශ්‍රායෙල්වරුද නැගිට සිටියෝය.


හාරදහසක් දොරටුපාලයෝය; හාරදහසක් වනාහි: ප්‍රශංසාකිරීමට මම සෑදුවෙමියි දාවිත් කී තූර්යභාණ්ඩවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නෝව සිටියෝය.


ඔහුට දකුණෙන් සිටියාවූ ඔහුගේ සහෝදරවූ ආසාප්ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයාය, ඔහු ෂිමෙයාගේ පුත්‍රයාය;


එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොව්හුය: කොහාත් පුත්‍රයන්ගෙන් ගායනාකාර හේමාන්ය. ඔහු යෝවෙල්ගේ පුත්‍රයාය, ඔහු සාමුවෙල්ගේ පුත්‍රයාය;


දීප්තිමත්වූ පවිත්‍රවූ සිහින් වස්ත්‍රයෙන් පැළඳෙන්ට ඈට ලැබුණේය. සිහින් වස්ත්‍ර නම් ශුද්ධවන්තයින්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාය.


එවිට පීඩා සත ඇතුව සිටියාවූ දේවදූතයන් සත්දෙනා පවිත්‍රවූ දීප්තිමත්වූ වස්ත්‍ර පැළඳ, රන් පටිවලින් තමුන්ගේ ළය බැඳගෙන, දේවමාළිගාවෙන් පිටත්ව ආවෝය.


නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. රබාන සහ වීණාව ගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා.


උදය ඔබගේ කරුණාගුණයත් සෑම රාත්‍රියේම ඔබගේ විශ්වාසකමත් ප්‍රකාශකිරීම යහපත.


මාගේ ගැළවීමේ දෙවිවූ ස්වාමිනි, රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියේ මොර ගසා සිටියෙමි.


මාගේ ආත්මය දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටියි. මාගේ ගැළවීම පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය.


දෙවියන්වහන්සේ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකරමින් නැගෙනහිර පටන් බස්නාහිර දක්වා පෘථිවියට හඬගැසූසේක.


සියලු දවස්වල උදේ සවස ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකිරීමට සිටීමත්,


දාවිත්ද ගිවිසුම් පෙට්ටිය උසුලාගත් සියලු ලෙවීවරුද ගීතිකාකාරයෝද ගීතිකාකාරයන් අතරේ ගායනාකිරීමට ප්‍රධානියාව සිටි කෙනනියාද සිහින් හණ සළු ඇඳගෙන සිටියෝය. දාවිත් හණ ඒඵොද් සැට්ටයක් පැළඳගෙන සිටියේය.


දාවිත්ද සියලු ඉශ්‍රායෙල්වරුද ගීතිකාවලිනුත් වීණාවලිනුත් කුඩා වීණාවලිනුත් රබන්වලිනුත් අත්තල්වලිනුත් නළාවලිනුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් ගායනාකළෝය.


ලෙවීවරු දාවිත්ගේ තූර්යභාණ්ඩද පූජකයෝ හොරණෑද රැගෙන සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්