Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 5:1 - Sinhala Revised Old Version

1 මෙසේ සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කළාවූ සියලු වැඩ සම්පූර්ණවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකර තිබුණු දේවල් එනම් රිදීද රන්ද සියලු භාණ්ඩද ඇතුළට ගෙනවුත් දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කළ සියලු වැඩ සම්පූර්ණ විය. සලමොන් තමාගේ පිය දාවිත් විසින් කැප කරනු ලැබ තිබුණු දේවල් එනම්, රිදී ද රන් ද සියලු භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඒවා තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මෙසේ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව උදෙසා කළ සියලු වැඩ සම්පූර්ණ විය. සලමොන් තමාගේ පිය දාවිත් විසින් කැප කරනු ලැබ තිබුණු දේවල් එනම්, රිදී ද රන් ද සියලු භාණ්ඩ ද ඇතුළට ගෙනවුත් දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවල ඒවා තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 5:1
7 හුවමාරු යොමු  

මෙලෙස සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කෙරෙවු සියලු වැඩ නිමවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකළදේ එනම් රිදීද රන්ද බඩුද ඇතුළට ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.


මෙන්න, මාගේ විපතේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයට රන් තලෙන්ත ලක්ෂයකුත් රිදී තලෙන්ත දශ ලක්ෂයකුත් ගණන් නැති තරම් පිත්තලත් යකඩත් සූදානම්කෙළෙමි; ඒවා අතිශයින් බොහෝය. ඒ ඇර ලීද ගල්ද සූදානම්කෙළෙමි; ඒවාට තව එකතුකරන්ට නුඹට පුළුවන.


දාවිත් රජ යටත්කරගත් සියලු ජාතීන් වන සිරියවරුන්ගෙන්ද මෝවබ්වරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද


ඒ බඩුත් දාවිත් රජ සියලු ජාතීන්ගෙන් එනම් ඒදොම්වරුන්ගෙන්ද මෝවබ්වරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද අමලෙක්වරුන්ගෙන්ද ගත්තාවූ රන් රිදී සමඟ ස්වාමීන්වහන්සේට කැපකෙළේය.


පවිත්‍ර රනින් පහන් කතුරුද තලිද හැඳිද ගිනි කබල්ද සෑදෙවුවේය. ගෘහයට ඇතුල්වන තැන එනම් අති ශුද්ධස්ථානයේ ඇතුල් දොරවල්ද ගෘහයේ එනම් මාලිගාවේ දොරවල්ද රනින් විය.


ඔහු අඩි පහක් ගෘහයට දකුණු පැත්තෙන්ද පහක් ගෘහයට වම් පැත්තෙන්ද තැබුවේය. ජලාධාරය වනාහි ඔහු ගෘහයට දකුණු පැත්තෙන් පූර්ව දිශාවටත් දකුණු දිශාවටත් අතරේ තැබුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්