Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 36:22 - Sinhala Revised Old Version

22 නුමුත් ස්වාමීන්වහන්සේ යෙරමියාගේ මුඛයෙන් කියෙවු වචනය සම්පූර්ණවෙන පිණිස පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළෙඹවුසේක. ඔහු වනාහි: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එහෙත්, සමිඳාණන් වහන්සේ ජෙරමියාගේ මුඛයෙන් කියෙවූ වචනය සම්පූර්ණ වන පිණිස පාර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ පාර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත පෙළඹෙවූ සේක. ඔහු වනාහි ප්‍රකාශයක් කරමින්, “ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එහෙත්, සමිඳාණන් වහන්සේ ජෙරමියාගේ මුඛයෙන් කියෙවූ වචනය සම්පූර්ණ වන පිණිස පාර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ පාර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත පෙළඹෙවූ සේක. ඔහු වනාහි ප්‍රකාශයක් කරමින්, “ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 36:22
24 හුවමාරු යොමු  

තවද සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවූ පසු මම බබිලෝනියේ රජුටත් ඒ ජාතියටත් කල්දිවරුන්ගේ දේශයටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් පමුණුවා, ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ අවුරුදු සැත්තෑවක් සම්පූර්ණවූ කල්හි මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි.


කෝරෙෂ් ගැන: ඔහු මාගේ එඬේරාය, ඔහු මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරමින්-යෙරුසලම ගොඩනගනු ලැබේය කියාද මාළිගාවේ අත්තිවාරම් තබනු ලැබේය කියාද කියනවා ඇතැයි කියන තැනන්වහන්සේය.


මෙසේ වුණේ දේශය ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනතුරු යෙරෙමියාගේ මුඛයෙන් කියවනලද ස්වාමීන්වහන්සේගේ වචනය සම්පූර්ණවෙන පිණිසය. සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවෙනතුරු, දේශය පාළුව තිබුණු කාලය මුළුල්ලෙහි එය සබත් විවේකය ගත්තේය.


පර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ තුන්වෙනි අවුරුද්දේ බේල්ටෙෂශර් නම්වූ දානියෙල්ට කාරණයක් එළිදරව්විය; ඒ කාරණය සැබෑය, එනම් මහත් යුද්ධයක් ගැනය. ඔහු කාරණය කල්පනාකර, දර්ශනය තේරුම්ගත්තේය.


එවිට යූදාවරුන්ගෙත් බෙන්යමින්වරුන්ගෙත් පියවංශවල ප්‍රධානීහුද පූජකයෝද ලෙවීවරුද එනම් යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගාන පිණිස යන්ට දෙවියන්වහන්සේ විසින් සිත් පොළොඹවනලද සියල්ලෝම සූදානම්වුණෝය.


අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.


තවද ස්වාමීන්වහන්සේ ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ගේ ආත්මයද යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ආත්මයද සෙනඟගෙන් අනික් සියල්ලන්ගේ ආත්මද පුබුදුකළසේක.


මක්නිසාද බොහෝ ජාතීහුද මහත් රජවරුද ඔවුන් පවා දාසකමට ගන්නෝය. මමද ඔවුන්ගේ ක්‍රියා ලෙසත් ඔවුන්ගේ අත්වල වැඩේ ලෙසත් ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ලියා තිබෙන හැටියට පාස්කුව බොහෝ කාලයක පටන් නොපැවැත්වූ බැවින්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පාස්කුව යෙරුසලමෙහි පවත්වන පිණිස එන්ට කියා ඔව්හු බෙයෙර්-ෂෙබා සිට දාන් දක්වා ඉශ්‍රායෙල් රට මුළුල්ලෙහි ප්‍රසිද්ධකරන ලෙස නියෝගයක් කළෝය.


එවිට දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස් කාන්තාරයේදී ඉශ්‍රායෙල්ට නියමකළ සුංගම ස්වාමීන්වහන්සේ උදෙසා ගෙනෙන්ට කියා යූදාහි සහ යෙරුසලමෙහි ප්‍රසිද්ධියක් කරනලද්දේය.


ඒ හැටියට ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේද කූෂ්වරුන්ට ළංව වාසයකරන අරාබිවරුන්ගේද සිත් යෙහෝරාම්ට විරුද්ධව පෙළඹෙවූසේක.


ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේද අෂූර්හි රජවූ පූල්ගේ සිතත් අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම් රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ගෙන ගොස්, හලාටත් හාබෝර්ටත් හාරාටත් ගෝසාන්හි ගංගාව ළඟටත් පැමිණෙවුසේක, ඔව්හු අද දක්වා එහි සිටිති.


දෙවියන්වහන්සේ ඔහුට තවත් විරුද්ධකාරයෙකු නැගිටෙවුසේක, එනම් තමාගේ ස්වාමිවූ ශෝබායේ රජවූ හදද් එසෙර් වෙතින් පලාගියාවූ එලියාදාගේ පුත්‍රවූ රෙසොන්ය.


තවද ස්වාමීන්වහන්සේ සාලමොන්ට විරුද්ධකාරයෙකු කොට ඒදොමිය හදද් නැගිටෙවුසේක. ඔහු ඒදොම් රජ වංශයේ කෙනෙකි.


එබැවින් දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාගේ වචන අසත්වා. ඉදින් ඔබව මට විරුද්ධව පෙළෙඹෙවුවේ ස්වාමීන්වහන්සේ නම්, උන්වහන්සේ පූජාවක් පිළිගන්නාසේක්වා. නුමුත් මනුෂ්‍ය පුත්‍රයෝ නම්, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාප ලත්තෝවෙත්වා; මක්නිසාද: නුඹ ගොස් අන් දෙවිවරුන්ට සේවයකරන්න කියා, මා දැන් ස්වාමීන්වහන්සේගේ උරුමයට බැඳී නොසිටින හැටියට ඔව්හු මා පන්නා දැමුවෝය.


තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ. උන්වහන්සේගේ මුළු සෙනඟගෙන් නුඹලා අතරේ සිටින්නේ කවුද? ඔහු සමඟ ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිටිනසේක්වා, ඔහු එතැනටයේවයි පාර්සියාවේ කෝරෙෂ් කියන්නේය කියා තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රසිද්ධියක් කොට, ලියවිල්ලෙනුත් එය පතළ කෙරෙවුවේය.


ඔහු අධර්මිෂ්ඨකමින් නැගිටෙවුවේ මමය, ඔහුගේ සියලු මාර්ග සමතලාකරන්නෙමි. ඔහු මාගේ නුවර ගොඩනගන්නේය, පිටවහල්ව සිටින මාගේ ජනයන් නිදහස්කරන්නේය; එසේ කරන්නේ මිලයක්වත් තෑග්ගක්වත් පිණිස නොවේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


මේ දානියෙල් දාරියුස්ගේ රජකමේද පර්සිය කෝරෙෂ්ගේ රජකමේද කාලයෙහි උසස්ව සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්