Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 35:23 - Sinhala Revised Old Version

23 දුනුකාරයෝ යොෂියා රජුට විද්දෝය; එවිට රජ: මට බොහෝ තුවාලවූ බැවින් මා අහකට ගෙනයන්නැයි තමාගේ සේවකයන්ට කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 දුනුකාරයෝ ජොෂියා රජුට විද්දෝ ය. එවිට රජු කතා කොට, “මට බොහෝ තුවාළ වූ බැවින් අහකට ගෙනයන්නැ”යි තම සේවකයන්ට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 දුනුකාරයෝ ජොෂියා රජුට විද්දෝ ය. එවිට රජු කතා කොට, “මට බොහෝ තුවාළ වූ බැවින් අහකට ගෙනයන්නැ”යි තම සේවකයන්ට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 35:23
8 හුවමාරු යොමු  

නුමුත් එක් මනුෂ්‍යයෙක් අහම්බෙන් දුන්න තැත්කවා ඉශ්‍රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේය. එවිට ඔහු: නුඹේ අත දමා මා සේනාවෙන් පිටතට ගෙනියන්න; මට බොහෝ තුවාලවීයයි රථචාරියාට කීය.


උන්වහන්සේ තමන් කොපුවේ ඊගස් මාගේ කටියට විද්දසේක.


නුමුත් එක්තරා මනුෂ්‍යයෙක් දුන්න තැත්කවා නොදැනම ඉශ්‍රායෙල් රජුගේ සන්නාහයේ සන්ධි අතරෙන් ඔහුට විද්දේය. එවිට ඔහු: නුඹේ අත හරවා මා සේනාවෙන් පිටතට ගෙනියන්න; මක්නිසාද මට හොඳටම තුවාලවීයයි රථාචාර්යයාට කීවේය.


නුමුත් යේහු මුළු ශක්තියෙන් දුන්න ඇද යෝරාම්ගේ බාහු දෙක අතරට විද්දේය, ඊගහ වනාහි ඔහුගේ හෘදයෙන් පිටවුණේය, ඔහු රථයෙහි වැටුණේය.


යෝරාම් රජ තමා සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව යුද්ධ කරද්දී රාමාහිදී සිරියවරුන් විසින් ඔහුට කළ තුවාල යෙස්‍රෙයෙල්හි සුවකර ගන්නා පිණිස හැරී ආවේය. යූදාහි රජවූ යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියාද ආහබ්ගේ පුත්‍රවූ යෝරාම් රෝගාතුරව සිටිය නිසා ඔහු බලන්ට යෙස්‍රෙයෙල්ට ගියේය.


දුනුවායෝ ඔහුට අතිශයින් හිංසාකොට ඔහුට විද ඔහුට පීඩාකළෝය.


නුමුත් යොෂියා නෙකෝ කී දෙවියන්වහන්සේගේ වචනය නාසා, ඔහු වෙතින් අහක්ව නොගොස්, ඔහු සමඟ යුද්ධකරන පිණිස, වෙස් මාරුකරගන, මෙගිද්දෝ මිටියාවතෙහි සටනට පැමුණුණේය.


ඔහුගේ සේවකයෝ රථයෙන් ඔහු රැගෙන ඔහුගේ දෙවෙනි රථයට නංවාගන යෙරුසලමට ආවෝය; ඔහු මැරී තමාගේ පියවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත්කරනලද්දේය. සියලු යූදාවරුද යෙරුසලමේ වැසියෝද යොෂියා ගැන වැලපුණාහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්