Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 34:30 - Sinhala Revised Old Version

30 යූදාහි සියලු මනුෂ්‍යයන්ද යෙරුසලමේ වැසියන්ද පූජකයන්ද ලෙවීවරුන්ද ලොකු කුඩා මුළු සෙනඟද සමඟ ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගියේය. තවද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබී සම්බවූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගන සිටිද්දී කියෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ජුදාහි සියලු මනුෂ්‍යයන් ද ජෙරුසලමේ වැසියන් ද පූජකයන් ද ලෙවීවරුන් ද ලොකු කුඩා මුළු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගියේ ය. තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබී සම්භ වූ ගිවිසුම් පොතේ සියලු වචන ද ඔවුන් අසාගෙන සිටිද්දී කියෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ජුදාහි සියලු මනුෂ්‍යයන් ද ජෙරුසලමේ වැසියන් ද පූජකයන් ද ලෙවීවරුන් ද ලොකු කුඩා මුළු සෙනඟ ද සමඟ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගියේ ය. තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබී සම්භ වූ ගිවිසුම් පොතේ සියලු වචන ද ඔවුන් අසාගෙන සිටිද්දී කියෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 34:30
19 හුවමාරු යොමු  

යූදාහි සියලු මනුෂ්‍යයන්ද යෙරුසලමේ සියලු වැසියන්ද පූජකයන්ද අනාගතවක්තෘන්ද ලොකු කුඩා සියලු සෙනඟද සමඟ ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගොස් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සම්බවුණ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගන සිටිද්දී කියෙවුවේය.


දේශනාකාරයා වන මම ඉශ්‍රායෙල් කෙරෙහි යෙරුසලමෙහි රජව සිටියෙමි.


කුඩා අයත් ලොකු අයත් එහි සිටිති; දාසයාද තම ස්වාමියාගෙන් නිදහස්ව සිටියි.


බලව, මම මේ ඉඩම පිටටත් මෙහි වැසියන් පිටටත් විපත එනම්, යූදා රජු ඉදිරියෙහි කියෙවු පොතෙහි ලියා තිබෙන සියලු ශාපවල් පමුණුවන්නෙමි.


හිල්කියා තෙමේ ලේකම්වූ ෂාපාන්ට කථාකොට: ව්‍යවස්ථා පොත ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබී මට සම්බවීයයි කියා ඒ පොත ෂාපාන්ට භාරදුන්නේය.


සිරියේ රජ තමාගේ රථාධිපතීන්ට අණකරමින්: ඉශ්‍රායෙල් රජු සමඟ මිස ලොකු කුඩා වෙන කිසිවෙකු සමඟ සටන් නොකරන්නැයි අණකර තිබුණේය.


තවද රජ කථාකොට: මේ ගිවිසුම් පොතේ ලියා තිබෙන ප්‍රකාර නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන්නැයි මුළු සෙනඟට අණකෙළේය.


විනිශ්චයේදී මිනිසුන්ගේ තරාතිරම් නොබලා ලොකු කුඩා අයට එක ලෙස කන්දෙන්න; මනුෂ්‍යයන්ට භයනොවෙන්න; මක්නිසාද විනිශ්චය කිරීම දෙවියන්වහන්සේගේය. නුඹලාට අමාරු වැඩිවූ කාරණයක් ඇත්නම් මා ළඟට ගෙනෙන්න, මම ඒක විචාරන්නෙමියි කීයෙමි.


තවද ඔහු ගිවිසුමේ පොත රැගෙන සෙනඟ ඉදිරියෙහි කියෙවුවේය. ඔව්හුද: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරමින් කීකරුවන්නෙමුයයි කීවෝය.


රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියනලද ගිවිසුමේ වචන ඉෂ්ටකිරීමට, ස්වාමීන්වහන්සේ අනුවයන හැටියටත් උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද පවත්වන හැටියටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේය.


ඔවුන් ඇතුල්වෙන කල අධිපතියාත් ඔවුන් අතරේ ඇතුල්වන්නේය; ඔවුන් පිටතට යනකල ඔහුත් පිටතට යන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්