Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 34:26 - Sinhala Revised Old Version

26 නුමුත් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස නුඹලා එවූ යූදාහි රජුට මෙසේ කියන්න-නුඹ ඇසූ වචන සම්බන්ධව ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එහෙත්, සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඔබ එවූ ජුදාහි රජුට මෙසේ කියන්න: ‘ඔබ ඇසූ වචන සම්බන්ධ ව ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 එහෙත්, සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඔබ එවූ ජුදාහි රජුට මෙසේ කියන්න: ‘ඔබ ඇසූ වචන සම්බන්ධ ව ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 34:26
5 හුවමාරු යොමු  

ඈ ඔවුන්ට කියන්නී: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලා මා වෙතට එවූ මනුෂ්‍යයාට ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න:


නුඹලා ගොස් මා උදෙසාත් ඉශ්‍රායෙල්ගෙන්ද යූදාගෙන්ද ඉතුරුව සිටින්නන් උදෙසාත් සම්බවූ පොතේ වචන ගැන ස්වාමීන්වහන්සේගෙන් විමසන්න. මක්නිසාද මේ පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට කරන ලෙස අපේ පියවරුන් ස්වාමීන්වහන්සේගේ වචනය රක්ෂා නොකළ බැවින් අප කෙරෙහි වගුරුවා තිබෙන ස්වාමීන්වහන්සේගේ උදහස මහත්යයි කීවේය.


නුමුත් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස නුඹලා එවූ යූදාහි රජුට මෙසේ කියන්න: නුඹ ඇසූ වචන ගැන වනාහි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–


ඔවුන් මා අත්හැර තමුන්ගේ අත්වල සියලු ක්‍රියාවලින් මා කෝපකරන හැටියට වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකළ බැවින් මාගේ උදහස මේ ඉඩම පිටට වගුරුවා තිබේ, ඒක නිවෙන්නෙත් නැත.


මේ ඉඩමටත් මෙහි වැසියන්ටත් විරුද්ධව දෙවියන්වහන්සේ කියා තිබෙන වචන නුඹ ඇසූ විට නුඹේ සිත මොළොක්වී නුඹ උන්වහන්සේ ඉදිරියෙහි යටහත්වූ බැවිනුත්, නුඹ මා ඉදිරියෙහි යටහත්වී නුඹේ ඇඳුම් ඉරාගෙන මා ඉදිරියෙහි ඇඬූ බැවිනුත්, මමත් නුඹට කන්දුනිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්