Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 34:12 - Sinhala Revised Old Version

12 ඒ මනුෂ්‍යයෝ විශ්වාසලෙස වැඩකළෝය. වැඩ බලා කරවීමට ඔවුන් කෙරෙහි මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ලෙවීවරුවූ යහත්ද ඔබදියාද කොහාත්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියාද මෙෂුල්ලාම්ද පත්වී සිටියෝය. ලෙවීවරු සියල්ලෝම තූර්ය භාණ්ඩ ගැන තේරුම් ඇති අය වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඒ මනුෂ්‍යයෝ විශ්වාසවන්ත ව වැඩ කළෝ ය. වැඩ බලා ගැනීමට මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ලෙවීවරුන් වන ජහත් ද ඔබදියා ද කොහාත්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියා ද මෙෂුල්ලාම් ද ඔවුන් කෙරෙහි පත් වී සිටියෝ ය. ලෙවීවරු සියල්ලෝ ම තූර්ය භාණ්ඩ ගැන තේරුම් පැහැදුම් ඇති අය වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඒ මනුෂ්‍යයෝ විශ්වාසවන්ත ව වැඩ කළෝ ය. වැඩ බලා ගැනීමට මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ලෙවීවරුන් වන ජහත් ද ඔබදියා ද කොහාත්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියා ද මෙෂුල්ලාම් ද ඔවුන් කෙරෙහි පත් වී සිටියෝ ය. ලෙවීවරු සියල්ලෝ ම තූර්ය භාණ්ඩ ගැන තේරුම් පැහැදුම් ඇති අය වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 34:12
15 හුවමාරු යොමු  

තවද වැඩකරන්නන්ට දෙන්ට මිල භාරදෙනු ලැබූ මනුෂ්‍යයන් විශ්වාස ලෙස කටයුතුකළ බැවින් ඔවුන්ගෙන් ගණනක් නොගන්නා ලද්දේය.


හාරදහසක් දොරටුපාලයෝය; හාරදහසක් වනාහි: ප්‍රශංසාකිරීමට මම සෑදුවෙමියි දාවිත් කී තූර්යභාණ්ඩවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නෝව සිටියෝය.


ඇරත් මෙහිදී ගබඩාකාරයන්ගෙන් ඕනෑකරන්නේ එක එක මනුෂ්‍යයා විශ්වාසව සිටීමය.


විශ්වාස මනුෂ්‍යයෙකුට බොහෝ ආශීර්වාද ලැබේ; එහෙත් වස්තු උපදවාගන්ට ඉක්මන්වෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.


තවද මම මාගේ සහෝදරවූ හනානිද බලකොටුවේ අධිපතියාවූ හනනියාද යෙරුසලම කෙරෙහි පත්කෙළෙමි. මක්නිසාද හනනියා විශ්වාසවූ බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ මනුෂ්‍යයෙක්ව සිටියේය.


පඬුරුද දසයෙන් කොටස්ද කැපකළ දේවල්ද විශ්වාසලෙස ඇතුළට ගෙනාවෝය. ලෙවීයවූ කොනනියා ඒවා බලාගැනීමට පත්ව සිටියේය, ඔහුගේ සහෝදර ෂිමෙයි ඔහුට දෙවෙනියාව සිටියේය.


ඔවුන් සමඟ හේමාන්ද යෙදූතුන්ද නම් සඳහන්කර තෝරාගනු ලැබූ අනික් අයද: ස්වාමීන්වහන්සේගේ කරුණාව සදාකාලයටම පවත්නේය කියා උන්වහන්සේට ස්තුතිකිරීමට නියමකෙළේය.


එසේ වී නුමුත් ඔවුන් විශ්වාසලෙස කටයුතු කළ බැවින් ඔවුන් අතට දුන් මුදල් ගැන ඔවුන්ගෙන් ගණන් ගැනීමක් නොවූයේය.


ලෙවීගේ පුත්‍රයෝ, ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.


අම්රාම් පවුලද ඉශ්හාර් පවුලද හෙබ්‍රොන් පවුලද උස්සීයෙල් පවුලද කොහාත්ගෙන් වූවෝය. කොහාත්වරුන්ගේ පවුල් මේවාය.


එවිට යේෂුවා සහ ඔහුගේ පුත්‍රයෝද සහෝදරයෝද කද්මීයෙල් සහ ඔහුගේ පුත්‍රයෝවූ යූදාගේ පුත්‍රයෝ සහ හෙනාදාද්ගේ පුත්‍රයෝද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ලෙවීවරු දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩකරන්නන් බලා ගැනීමට එක්කෙනෙකු මෙන් සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්