Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 34:10 - Sinhala Revised Old Version

10 ස්වාමීන්වහන්සේගේ ගෘහය හරිගැස්සීමටත් අලුත්වැඩියාකිරීමටත් ගෘහයේ වැඩේකරන කර්මාන්තකාරයන්ට දෙන පිණිස, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩකිරීමට පත්වී සිටිය තැනැත්තන් අතට ඒවා දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 සමිඳාණන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමටත්, අලුත්වැඩියා කිරීමටත් මාලිගාවේ වැඩ කරන කර්මාන්තකාරයන්ට දෙන පිණිස, උන් වහන්සේගේ මාලිගාවේ වැඩ කිරීමට පත් වී සිටින තැනැත්තන් අතට ඒවා දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 සමිඳාණන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමටත්, අලුත්වැඩියා කිරීමටත් මාලිගාවේ වැඩ කරන කර්මාන්තකාරයන්ට දෙන පිණිස, උන් වහන්සේගේ මාලිගාවේ වැඩ කිරීමට පත් වී සිටින තැනැත්තන් අතට ඒවා දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 34:10
6 හුවමාරු යොමු  

තවද ඔව්හු ගල් වඩුවන්ටත් වඩුවන්ටත් මුදල්ද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගෙන් තමුන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට මුහුදෙන් යොප්පාවට කිහිරි ගස් ගෙනෙන පිණිස ශීදොන් වැසියන්ටත් තීර් වැසියන්ටත් කෑම බීම හා තෙල්ද දුන්නෝය.


ඒ මුදල් වැඩේ කළ තැනැත්තන්ට දී, එයින් ස්වාමීන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කෙරෙවුවෝය.


ඔව්හු උත්තම පූජකයාවූ හිල්කියා ළඟට පැමිණ, දෙවියන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද්දාවූ, දොරටුපාලයන් වන ලෙවීවරුන් විසින් මනස්සේවරුන්ගෙන්ද එප්‍රායිම්වරුන්ගෙන් සහ ඉතුරුව සිටිය සියලු ඉශ්‍රායෙල්වරුන්ගෙන්ද සියලු යූදාවරුන්ගෙන්ද බෙන්යමින්වරුන්ගෙන්ද යෙරුසලමේ වාසීන්ගෙන්ද එකතුකර ගත්තාවූ මුදල් භාරගෙන,


ඔව්හු කැපූ ගල්ද යූදා රජුන් විසින් නැතිකළ ගෙවල යටලීවලට සහ බාල්කවලටත් ලීද මිලේට ගන්න පිණිස වඩුවන්ටත් ගල්වඩුවන්ටත් ඒවා දුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්