Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 33:16 - Sinhala Revised Old Version

16 තවද ඔහු ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට ශාන්ති පූජාද ස්තුති පූජාද ඔප්පුකොට, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවයකරන්ට යූදාවරුන්ට අණකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට සහභාගිකමේ පූජා ද ස්තුති පූජා ද ඔප්පු කොට, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න ජුදාවරුන්ට අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 තවද, ඔහු සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට සහභාගිකමේ පූජා ද ස්තුති පූජා ද ඔප්පු කොට, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න ජුදාවරුන්ට අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 33:16
11 හුවමාරු යොමු  

නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි කීසේක.


නුමුත් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද මුළාකෙළේය.


ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.


එවිට ඔව්හු හෙසකියා රජු වෙතට රාජ මාලිගාව ඇතුළට ගොස් කථාකොට: අපි ස්වාමීන්වහන්සේගේ මුළු ගෘහයත් දවන පූජා පුදන පූජාසනයත් ඊට අයිති සියලු භාණ්ඩත් රොටි මේසයත් ඊට අයිති සියලු භාණ්ඩත් පිරිසිදුකෙළෙමුව.


තවද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ටද ව්‍යවස්ථාවත් ආඥාවත් පවත්වන්ටද යූදාවරුන්ට අණකෙළේය.


එවිට එලියා: මා ළඟට එන්නැයි මුළු සෙනඟට කීය; මුළු සෙනඟ ඔහු ළඟට ආවෝය. ඔහු වනාහි කඩාදමා තිබුණු ස්වාමීන්වහන්සේගේ පූජාසනය හරිගස්සා:


මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.


එවිට හෙසකියා කථාකොට: දැන් නුඹලාම ස්වාමීන්වහන්සේට කැපවී සිටින බැවින් ළංවී යාගද ස්තුති පූජාද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන්නැයි කීවේය; සභාව යාගද ස්තුති පූජාද කැමති සියල්ලෝ දවන පූජාද ගෙනාවෝය.


මක්නිසාද ඔහු අන්‍ය පූජාසනද උස් තැන්ද පහකොට, රූපස්තම්භ බිඳ, අෂේරා කණු කපාදැමුවේය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්