Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 32:4 - Sinhala Revised Old Version

4 මෙසේ මහත් සෙනඟක් රැස්ව කථාකොට: අෂූර්හි රජුන් ආ විට ඔවුන්ට බොහෝ වතුර ලැබෙන්ට ඉඩ තබන්නේ කුමටදැයි කියා සියලු උල්පත්ද දේශය මැදින් ගලායන ඔයද නැවැත්තූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මෙසේ විශාල සෙනඟක් රැස් ව කතා කොට, “අසිරියාවේ රජවරුන් පැමිණි විට ඔවුන්ට බොහෝ වතුර ලැබෙන්න ඉඩ තබන්නේ කුමට දැ”යි කියා සියලු උල්පත් ද දේශය මැදින් ගලා යන ඔය ද නැවැත්තූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 මෙසේ විශාල සෙනඟක් රැස් ව කතා කොට, “අසිරියාවේ රජවරුන් පැමිණි විට ඔවුන්ට බොහෝ වතුර ලැබෙන්න ඉඩ තබන්නේ කුමට දැ”යි කියා සියලු උල්පත් ද දේශය මැදින් ගලා යන ඔය ද නැවැත්තූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 32:4
15 හුවමාරු යොමු  

මෙම හෙසකියා ගීහොන්හි වතුරේ ඉහළ උල්පත නවත්වා ඒවා දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැසඑන්ට සැලැස්සුවේය. හෙසකියා තමාගේ සියලු වැඩවලදී සඵලවුණේය.


ඔහු කථාකොට: මාගේ අධිපතීන් සියල්ලෝම රජවරු නොවෙද්ද?


මේ කාරණාවලටත් මේ විශ්වාස මෙහෙයටත් පසුව අෂූර්හි රජවූ සෙනකෙරිබ් ඇවිත් යූදාට ඇතුල්ව, පවුරු ඇති නුවරවල් අල්ලාගන්ට සිතා ඒවාට විරුද්ධව කඳවුරු බැන්දේය.


ඔව්හු නැගිට යෙරුසලමෙහි තිබුණු පූජාසන පහකළෝය, සියලු දුම් පූජාසනත් පහකොට කිද්‍රොන් ඔයට දැමුවෝය.


හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටිද යූදාහි රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?


ස්වාමීන්වහන්ස, අෂූර්හි රජවරුන් ජාතීන්ද ඔවුන්ගේ දේශවල්ද පාළුකොට


හෙසකියා රජුගේ දහහතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ සෙනකෙරිබ් යූදාහි රජවරුන්ගේ නුවරවලට විරුද්ධව ඇවිත් ඒවා අල්වාගත්තේය.


ඒලාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ හෝෂෙයාගේ සත්වෙනි අවුරුද්ද වන හෙසෙකියා රජුගේ සතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ ෂල්මෙනෙසෙර් සමාරියට විරුද්ධව ඇවිත් ඒක වටලාගෙන,


එවිට ඔහු වෙතින් ඔහු හැරී ගොස් ගවයන් බාන රැගෙන මරා, ගවයන්ගේ වියදඬුවලින් උන්ගේ මස් තම්බා, මිනිසුන්ට දුන්නේය. ඔව්හුද කෑවෝය. පසුව ඔහු නැගිට එලියා අනුව ගොස් ඔහුට සේවයකෙළේය.


එබැවින් ඔබගේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්ට පුළුවන්වන ලෙස නුවණැති සිතක් ඔබගේ මෙහෙකරුවාට දුන මැනව; මක්නිසාද ඔබගේ මේ මහත් සෙනඟ විනිශ්චයකරන්ට කවරෙකුට පුළුවන්දැයි කීවේය.


නුවරට පිටතින් තිබුණු උල්පත්වල වතුර නවත්වන්ට තමාගේ අධිපතීන්ද බලවන්තයන්ද සමඟ මන්ත්‍රණයකරගත්තේය; ඔව්හු ඔහුට උපකාරකළෝය.


පරණ පොකුණේ වතුරට පවුරු දෙක අතරේ ජලාශයක් සෑදුවහුය. එහෙත් ඒක කළ තැනන්වහන්සේ දෙස නුඹලා බැලුවේවත් මීට බොහෝ කලකට පළමුවෙන් ඒක තැනූ තැනන්වහන්සේ සැලකුවේවත් නැත.


වටලෑම නිසා වතුර ඇද තබාගන්න, නුඹේ බලකොටු සවිකරන්න. මැටි පිටට පැමිණ, බදාම පාගා, ගඩොල් වැඩ සවිකරන්න.


දාවිත්ගේ නුවර බිඳුම් බොහෝ බව නුඹලා දැක පහළ පොකුණේ දිය රැස්කළහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්