Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 32:3 - Sinhala Revised Old Version

3 නුවරට පිටතින් තිබුණු උල්පත්වල වතුර නවත්වන්ට තමාගේ අධිපතීන්ද බලවන්තයන්ද සමඟ මන්ත්‍රණයකරගත්තේය; ඔව්හු ඔහුට උපකාරකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 නගරයට පිටතින් තිබුණු උල්පත්වල වතුර නවත්වන්න තමාගේ අධිපතීන් ද බලවන්තයන් ද සමඟ මන්ත්‍රණය කරගත්තේ ය. ඔහුගේ යුද්ධ මණ්ඩලය ද ඔහුට උපකාර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 නගරයට පිටතින් තිබුණු උල්පත්වල වතුර නවත්වන්න තමාගේ අධිපතීන් ද බලවන්තයන් ද සමඟ මන්ත්‍රණය කරගත්තේ ය. ඔහුගේ යුද්ධ මණ්ඩලය ද ඔහුට උපකාර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 32:3
13 හුවමාරු යොමු  

මක්නිසාද ඥානවන්ත ගුරුකම් පිට නුඹ නුඹේ යුද්ධය කළ යුතුය; මන්ත්‍රීවරුන් රාශියක් ඇති කල්හි ආරක්ෂාව තිබේ.


සියලු අදහස් මන්ත්‍රණයෙන් ස්ථිරවේ; ඥානවන්ත ගුරුකම් පිට යුද්ධකරන්න


මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය; එහෙත් බොහෝ මන්ත්‍රීන් කරණකොටගෙන ඒවා ස්ථිරවන්නේය.


එසේය, ස්වාමීන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නොහොත් උන්වහන්සේට මන්ත්‍රියා වුණේ කවුද!


ස්වාමීන්වහන්සේගේ ආත්මයට මගපෙන්නුවෙත් උන්වහන්සේගේ මන්ත්‍රීව සිට උන්වහන්සේට ඉගැන්නුවෙත් කවුද?


සෑහෙන පමණ පූජකයන් පවිත්‍රනොවූ නිසාත්, සෙනඟ යෙරුසලමට රැස්නූණ නිසාත්, නියම කාලයට පාස්කුව පවත්වන්ට නොහැකිව,


හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටිද යූදාහි රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?


යුද්ධය පිණිස මන්ත්‍රණයද බලයද තිබේයයි නුඹ කියන්නෙහිය. නුමුත් ඒවා හිස් වචනය. ඉතින් නුඹ මට විරුද්ධව කැරළිගැසුවේ කා කෙරෙහි විශ්වාසකරගනද?


සෙනකෙරිබ් ඇවිත් යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්ට යන බව හෙසකියා දැක,


මෙසේ මහත් සෙනඟක් රැස්ව කථාකොට: අෂූර්හි රජුන් ආ විට ඔවුන්ට බොහෝ වතුර ලැබෙන්ට ඉඩ තබන්නේ කුමටදැයි කියා සියලු උල්පත්ද දේශය මැදින් ගලායන ඔයද නැවැත්තූහ.


වටලෑම නිසා වතුර ඇද තබාගන්න, නුඹේ බලකොටු සවිකරන්න. මැටි පිටට පැමිණ, බදාම පාගා, ගඩොල් වැඩ සවිකරන්න.


මෙම හෙසකියා ගීහොන්හි වතුරේ ඉහළ උල්පත නවත්වා ඒවා දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැසඑන්ට සැලැස්සුවේය. හෙසකියා තමාගේ සියලු වැඩවලදී සඵලවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්