Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 32:13 - Sinhala Revised Old Version

13 මා සහ මාගේ පියවරුන් විසින් දේශවල සියලු ජනයන්ට කළ දේ නුඹලා දන්නේ නැද්ද? දේශවල ජාතීන්ගේ දෙවිවරුන්ට කොයි අන්දමකින්වත් ඔවුන්ගේ දේශය මාගේ අතින් ගළවාගන්ට පුළුවන්වුණේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මා සහ මාගේ පියවරුන් අන් දේශවල සියලු ජනයන්ට කළ දේ ඔබ දන්නේ නැද් ද? අන් දේශවල ජාතීන්ගේ දෙවිවරුන්ට කොයි අන්දමකින් වත් ඔවුන්ගේ දේශය මාගේ අතින් ගළවාගන්න පුළුවන් වූයේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මා සහ මාගේ පියවරුන් අන් දේශවල සියලු ජනයන්ට කළ දේ ඔබ දන්නේ නැද් ද? අන් දේශවල ජාතීන්ගේ දෙවිවරුන්ට කොයි අන්දමකින් වත් ඔවුන්ගේ දේශය මාගේ අතින් ගළවාගන්න පුළුවන් වූයේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 32:13
20 හුවමාරු යොමු  

ඉතින් දේවතාවන්ට පුදනලද කෑම ගැන වනාහි, දේවතාවෙක් ලෝකයෙහි කිසිත් නැති බවත්, එකම දෙවිකෙනෙක් මිස අන් දෙවිකෙනෙක් නැති බවත් දනිමුව.


මේ පාවුල් වනාහි අත්වලින් කරනලද දෙවිවරු දෙවිවරු නොවෙතියි කියමින් එපීසයෙහි පමණක් නොව මුළු ආසියාවේ සෑම තැනම වාගේ බොහෝ සෙනඟ උගන්වා හරවාගත් බව නුඹලාට දකින්ටද අසන්ටද ලැබී තිබේ.


උන්වහන්සේ ඔහුට දුන් මහන්තත්වය නිසා සියලු ජනයෝද ජාතීහුද භාෂාවෝද ඔහු ඉදිරියෙහි වෙවුලා භයවූවෝය. ඔහු, කැමැති කෙනෙකු මැරීය, කැමැති කෙනෙකු ඉතුරුකෙළේය; ඔහු කැමැති කෙනෙකු උසස්කෙළේය, කැමැති කෙනෙකු පහත්කෙළේය.


දැන් නෙබුකද්නෙශර් වන මම ස්වර්ගයේ රජ්ජුරුවන්වහන්සේට වර්ණනාද ප්‍රශංසාද ගෞරවද කරමි; මක්නිසාද උන්වහන්සේගේ සියලුම ක්‍රියාවල් සැබෑය, උන්වහන්සේගේ මාර්ගද ධර්මිෂ්ඨය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත්කරන්ට උන්වහන්සේට පුළුවන යනුය.


තවද රජ කථාකොට: මේ වනාහි රාජ ගෘහයක් කොටද මාගේ මහිමශ්‍රීයේ ගෞරවය උදෙසාද මාගේ බලපරාක්‍රමයෙන් මා විසින් ගොඩනැගූ මහත් බබිලෝනිය නොවේදැයි කීවේය.


යාකොබ්ගේ උරුම-කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සියලු දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්‍රායෙල්ද උන්වහන්සේගේ උරුම-ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.


ජනයන්ගේ වස්තු පක්ෂි කැදැල්ලක් මෙන් මාගේ අතට අසුවිය; අත්හැරදැමූ බිජු එකතුකරන්නාක්මෙන් මම මුළු පොළොව එකතුකරගත්තෙමි. පියාපත් සෙලවීමක්වත් කට ඇරීමක්වත් ශබ්ද කිරීමක්වත් නොවීයයි කීයේය.


මනුෂ්‍ය අත් වැඩ වන පොළෝ ජනයන්ගේ දෙවිවරුන් ගැන කථාකරන්නාක් මෙන් යෙරුසලමේ දෙවියන්වහන්සේ ගැන කථාකළෝය.


ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.


නුඹලා මාගේ අතින් ගළවන්ට නුඹලාගේ දෙවියන්ට පුළුවන්වෙන ලෙස, මාගේ පියවරුන් විසින් සිඳදැමූ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරුන් අතරෙන් තමාගේ සෙනඟ මාගේ අතින් ගළවන්ට කාට පුළුවන්වීද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්