Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 31:12 - Sinhala Revised Old Version

12 පඬුරුද දසයෙන් කොටස්ද කැපකළ දේවල්ද විශ්වාසලෙස ඇතුළට ගෙනාවෝය. ලෙවීයවූ කොනනියා ඒවා බලාගැනීමට පත්ව සිටියේය, ඔහුගේ සහෝදර ෂිමෙයි ඔහුට දෙවෙනියාව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 පඬුරු ද දසයෙන් කොටස් ද කැප කළ දේවල් ද සුරැකි ව තැබීමට ඒවා ඇතුළට ගෙනාහ. ලෙවීයයෙකු වූ කොනනියා ඒවා බලාගැනීමට පත් ව සිටියේ ය. ඔහුගේ සහෝදර ෂිමෙයි ඔහුට දෙවැනියා ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 පඬුරු ද දසයෙන් කොටස් ද කැප කළ දේවල් ද සුරැකි ව තැබීමට ඒවා ඇතුළට ගෙනාහ. ලෙවීයයෙකු වූ කොනනියා ඒවා බලාගැනීමට පත් ව සිටියේ ය. ඔහුගේ සහෝදර ෂිමෙයි ඔහුට දෙවැනියා ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 31:12
6 හුවමාරු යොමු  

තවද වැඩකරන්නන්ට දෙන්ට මිල භාරදෙනු ලැබූ මනුෂ්‍යයන් විශ්වාස ලෙස කටයුතුකළ බැවින් ඔවුන්ගෙන් ගණනක් නොගන්නා ලද්දේය.


හෙසකියා රජුගෙත් දෙවියන්වහන්සේගේ ගෘහයේ අධිපතියාවූ අසරියාගෙත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදරවූ ෂිමෙයි යටතේ යෙහීයෙල්ද අසසියාද නහත්ද අසාහෙල්ද යෙරීමොත්ද යෝසාබාද්ද එලීයෙල්ද ඉස්මාඛියාද මාහත්ද බෙනායාද යන මොව්හු මුලාදෑනියෝව සිටියෝය.


තවද තමන්ගේ නගරබද පිට-බිම්වල විසූ පූජකයන්වූ ආරොන්ගේ පුත්‍රයන් උදෙසාත්, පූජකයන්ගේ සියලු පිරිමින්ට හා ලියවුණ සියලු ලෙවීවරුන්ට කොටස් දෙන පිණිස, නම් සඳහන්වූ මනුෂ්‍යයෝ සියලු නුවරවල පත්ව සිටියෝය.


ලෙවීවරුන්ගේ අධිපතියෝවූ කොනනියාද ෂෙමායා සහ නෙතනෙල් යන ඔහුගේ සහෝදරයෝද හෂබියාද යෙයියෙල්ද යෝසාබාද්ද පාස්කු පූජා පිණිස බැටළුපැටවුන් පන් දහසකුත් ගොනුන් පන්සියයකුත් ලෙවීවරුන්ට දුන්නෝය.


මක්නිසාද ශුද්ධස්ථානයට අයිති භාණ්ඩ තිබෙන්නාවූ, සේවයකරන පූජකයන්ද දොරටුපාලයන්ද ගීතිකාකාරයන්ද සිටින්නාවූ ඇතුල් ගෙවලට ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ලෙවී පුත්‍රයන්ද ධාන්‍යවලිනුත් මුද්‍රික යුසයෙනුත් තෙල්වලිනුත් එසවීම් පඬුර ගෙනෙන්ට ඕනෑය. තවද අපි අපේ දෙවියන්වහන්සේගේ ගෘහය අත් නොහරින්නෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්