Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 30:26 - Sinhala Revised Old Version

26 මෙසේ යෙරුසලමෙහි මහත් ප්‍රීතියක් විය. මක්නිසාද දාවිත්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ සාලමොන්ගේ කාලයට පසු යෙරුසලමෙහි එයාකාර සිද්ධියක් නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 මෙසේ ජෙරුසලමෙහි ඉමහත් ප්‍රීතියක් විය. මන්ද, දාවිත්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ සලමොන්ගේ කාලයට පසු ජෙරුසලමෙහි එයාකාර සිද්ධියක් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 මෙසේ ජෙරුසලමෙහි ඉමහත් ප්‍රීතියක් විය. මන්ද, දාවිත්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ සලමොන්ගේ කාලයට පසු ජෙරුසලමෙහි එයාකාර සිද්ධියක් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 30:26
5 හුවමාරු යොමු  

එවිට ලෙවීවරුවූ පූජකයෝ නැගිට සෙනඟට ආශීර්වාදකළෝය. ඔවුන්ගේ හඬ අසනු ලැබ, ඔවුන්ගේ යාච්ඤාව උන්වහන්සේගේ පිරිසිදු වාසස්ථානය වන ස්වර්ගයට නැංගේය.


හෙසකියා රජද අධිපතීහුද දාවිත්ගෙත් දිවස් ඇත්තා වන ආසාප්ගෙත් වචනවලින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසා ගී කියන්ට ලෙවීවරුන්ට අණකළෝය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී කියා, හිස් නමා වැන්දෝය.


එයාකාර පාස්කුවක් ප්‍රොපේතවූ සාමුවෙල්ගේ කාලයට පසුව ඉශ්‍රායෙල්වරුන් අතරේ නොපවත්වනලද්දේය; යොෂියාද පූජකයන්ද ලෙවීවරුන්ද එහි සිටි යූදා හා ඉශ්‍රායෙල්හි සියල්ලන්ද යෙරුසලමේ වැසියන්ද පැවැත්තුවාක් මෙන් ඉශ්‍රායෙල් රජුන්ගෙන් කිසිවෙක්වත් එයාකාර පාස්කුවක් පැවැත්තුවේ නැත.


වහල්කමෙන් මිදී ආ තැනැත්තන්වූ මුළු සභාව පැල් සාදාගන පැල්වල විසුවෝය. නූන්ගේ පුත්‍රවූ යේෂුවාගේ දවස්වල පටන් ඒ දවස දක්වා ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ නොකළෝය. ඉතා මහත් සන්තෝෂයක්ද විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්