Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 30:19 - Sinhala Revised Old Version

19 ශුද්ධස්ථානයේ පවිත්‍රකිරීම ලෙස පිරිසිදු නොවී නුමුත් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන දෙවියන්වහන්සේ සොයන්ට තමුන්ගේ සිත් යොමුකරගන සිටින සියල්ලන්ට කරුණාවන්තවූ ස්වාමීන්වහන්සේ කමාවනසේක්වයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 “ශුද්ධස්ථානයේ පවිත්‍ර කිරීම ලෙස පිරිසිදු නොවූ නමුත්, තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ සොයන්න තමන්ගේ සිත් යොමු කරගෙන සිටින සියල්ලන්ට කරුණාවන්ත සමිඳාණන් වහන්සේ කමා වන සේක්වා”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 “ශුද්ධස්ථානයේ පවිත්‍ර කිරීම ලෙස පිරිසිදු නොවූ නමුත්, තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ සොයන්න තමන්ගේ සිත් යොමු කරගෙන සිටින සියල්ලන්ට කරුණාවන්ත සමිඳාණන් වහන්සේ කමා වන සේක්වා”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 30:19
16 හුවමාරු යොමු  

එසේ වුවත් නුඹ අෂේරා කණු දේශයෙන් පහකරදැමීමද, දෙවියන්වහන්සේ සෙවීමට නුඹේ සිත යොමුකිරීමද නම්වූ යහපත් කාරණා නුඹට ඇත්තේයයි කීවේය.


මාගේ පුත්‍රය, නුඹේ සිත මට දෙන්න, නුඹේ ඇස් මාගේ මාර්ග ගැන ප්‍රීතිවේවා.


ස්වාමිනි, ඔබ යටහතුන්ගේ කැමැත්ත ඇසූසේක. භූමිකවූ මනුෂ්‍යයාගෙන් තවත් භය නොපැමිණෙන පිණිස,


නුඹේ අතේ අයුක්තිය තිබේ නම් ඒක පහකරන්න, අධර්මිෂ්ඨකමද නුඹේ කූඩාරම්වල වාසය නොකෙරේවා.


එස්රා ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත් ඉශ්‍රායෙල්හි පනත්ද විනිශ්චයයන්ද උගන්වන්ටත් තමාගේ සිත යොමුකර ගත්තේය.


එසේ වුවත් උස්තැන් අහක්නොකරනලද්දේය; ඒ වන තුරු සෙනඟ තමුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ දෙසට තමුන්ගේ සිත් යොමුකළෙත් නැත.


අපේ පියවරුන්වූ ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ අදහස හා කල්පනා ඔබගේ සෙනඟගේ සිත්වල සදාකාලේටම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙතටම නමාගතමැනව.


සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් වංශයට කථාකොට: නුඹලාගේ මුළු සිතින් නුඹලා ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්නහු නම්, නුඹලා අතරෙන් අන්‍ය දෙවිවරුන්ද අෂ්ටාරොත්ද පහකර දමා නුඹලාගේ සිත් ස්වාමීන්වහන්සේ දෙසටම යොමුකොට උන්වහන්සේට පමණක් සේවයකරන්න. උන්වහන්සේද පිලිස්තිවරුන්ගේ අතින් නුඹලා ගළවාගන්නවා ඇතැයි කීවේය.


මෘත ශරීරයකින් අපවිත්‍රවී ඒ දවසේ පාස්කුව පවත්වන්ට නොහැකිවූ සමහර මනුෂ්‍යයෝ එහි සිටියෝය. ඒ මනුෂ්‍යයෝ ඒ දවසේදී මෝසෙස් සහ ආරොන් ඉදිරියට අවුත් කථාකොට:


තවද ඇගේ ලෙයින් පවිත්‍රවීම පිණිස ඈ තිස්තුන් දවසක් සිටින්නීය; ඇගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවන තෙක් කිසි ශුද්ධ දෙයක ස්පර්ශ නොවිය යුතුය, ශුද්ධ ස්ථානයට ඇතුල් නොවිය යුතුය.


තවද දෙවියන්වහන්සේ ඉතා මහත් ජලචර සත්වයන්ද ඒ ඒ වර්ගලෙස ජලයෙහි බොහෝසෙයින් හටගත්තාවූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක.


එසේ වාල්කමෙන් හැරී ආ ඉශ්‍රායෙල් පුත්‍රයෝත් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට දේශයේ ජාතීන්ගේ අපිරිසිදුකමෙන් වෙන්වී ඔවුන්ට එකතුවුණ සියල්ලොත් පාස්කුව වළඳා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්