Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 30:13 - Sinhala Revised Old Version

13 මෙසේ දෙවෙනි මාසයේ මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන පිණිස ඉතා මහත් සභාවක්වූ බොහෝ සෙනඟ යෙරුසලමට රැස්වුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මෙසේ දෙ වන මාසයේ මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන පිණිස ඉමහත් සභාවක් වූ බොහෝ සෙනඟ ජෙරුසලමට රැස් වුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මෙසේ දෙ වන මාසයේ මුහුන් නොදැමූ පූප මංගල්‍යය පවත්වන පිණිස ඉමහත් සභාවක් වූ බොහෝ සෙනඟ ජෙරුසලමට රැස් වුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 30:13
7 හුවමාරු යොමු  

ඔව්හු බලයෙන් බලයට යෙති, දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියොන්හිදී එකිනෙකා පෙනී සිටිති.


සෑහෙන පමණ පූජකයන් පවිත්‍රනොවූ නිසාත්, සෙනඟ යෙරුසලමට රැස්නූණ නිසාත්, නියම කාලයට පාස්කුව පවත්වන්ට නොහැකිව,


ඔව්හු නැගිට යෙරුසලමෙහි තිබුණු පූජාසන පහකළෝය, සියලු දුම් පූජාසනත් පහකොට කිද්‍රොන් ඔයට දැමුවෝය.


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–නුඹලාගෙන්වත් නුඹලාගේ පරම්පරාවලින්වත් කිසිවෙකු මළකඳකින් අපවිත්‍රව සිටින නුමුත් දුර ගමනක යෙදී සිටින නුමුත් ඔහු ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වාවා.


ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකළ විනිශ්චයකාරයන්ගේ දවස්වල පටන් ඉශ්‍රායෙල් රජුන්ගේද යූදා රජුන්ගේද මුළු කාලයෙහි සැබවින්ම එබඳු පාස්කුවක් නොපවත්වන ලද්දේය.


යළිත් ඔව්හු දෙවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය. පූජකයෝද ලෙවීවරුද ලජ්ජාවට පැමිණ, තුමූම පවිත්‍රවී, ස්වාමීන්වහන්සේගේ ගෘහයට දවන පූජා ගෙනාවෝය.


යොෂියා යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේට පාස්කු මංගල්‍යයක් පැවැත්තුවේය. ඔව්හු පළමුවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්