Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 3:8 - Sinhala Revised Old Version

8 ඔහු අති ශුද්ධ ගෘහයක් සෑදුවේය; ඒකේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, ඒකේ පළලත් විසි රියනක්ය. ඔහු එය හොඳ රන් තලෙන්ත හසියයකින් පමණ වැසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඔහු අතිශුද්ධස්ථානයක් සෑදුවේ ය. එහි දිග මාලිගාවේ පළල ලෙස ම මීටර් නවයකි; එහි පළලත් මීටර් නවයකි. ඔහු එය පෙරූ රන් මෙට්රික් ටොන්‍ විස්සකින් පමණ ආලේප කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔහු අතිශුද්ධස්ථානයක් සෑදුවේ ය. එහි දිග මාලිගාවේ පළල ලෙස ම මීටර් නවයකි; එහි පළලත් මීටර් නවයකි. ඔහු එය පෙරූ රන් මෙට්රික් ටොන් විස්සකින් පමණ ආලේප කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 3:8
7 හුවමාරු යොමු  

තිරයෙන් ශුද්ධ ස්ථානය අති ශුද්ධ ස්ථානයෙන් නුඹලාට වෙන්ව තිබෙන හැටියට තිරය කොකුවල යටින් එල්ලා එහි තිරයට ඇතුළතින් සාක්ෂි පෙට්ටිය තබන්න.


එබැවින්, සහෝදරවරුනි, යේසුස්වහන්සේ ස්වකීය මාංසය නමැති තිරය මැදින් අප උදෙසා කැපකළාවූ මාර්ගය වන අලුත්වූ ජීවමාන මාර්ගයකින්,


ඒ මණ්ඩපය වර්තමාන කාලයට උපහැරණයක්ය. ඒ ප්‍රකාරයට හෘදයසාක්ෂිය සම්බන්ධව සේවයකරන්නා සම්පූර්ණකරන්ට නොහැකිවූ පඬුරු සහ පූජා ඔප්පුකරනු ලබන්නේය.


ඊට ශුද්ධස්ථානයයි කියනලදී. දෙවෙනි තිරය ඇතුළෙන් අති ශුද්ධස්ථානයයයි කියනලද මණ්ඩපය තිබුණේය.


ඔහු ගෘහයේ ඉතා ඇතුල් කොට්ඨාසයෙන් රියන් විස්සක් දිගට බිමෙහි සහ භිත්තිවලත් කිහිරි ලෑලි ඇල්ලුවේය. ඇතුළතින් ඔහු ඒක දිව්‍ය-වාක්‍යස්ථානයක් වන අති ශුද්ධස්ථානය කොට සෑදුවේය.


ඔහු මාළිගාවට ඉදිරිපිටින් ඒකේ දිගට රියන් විස්සක්ද පළලට රියන් විස්සක්ද මැන: මෙය අති ශුද්ධස්ථානයයයි මට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්