Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 3:17 - Sinhala Revised Old Version

17 ඔහු මාලිගාව ඉදිරිපිට ඒ කුළුනු, එකක් දකුණු පැත්තේද එකක් වම් පැත්තේද පිහිටුවා, දකුණු එකට යාකීන් යන නමද වම් එකට බෝවස් යන නමද තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඔහු මාලිගාව ඉදිරිපිට ඒ කුළුණු, එකක් දකුණු පැත්තේ ද එකක් වම් පැත්තේ ද පිහිටුවා, දකුණු පැත්තේ එකට, ‘එතුමාණෝ පිහිට වන සේක’ යන අර්ථය ඇති ‘ජාකීන්’ යන නම ද, වම් පැත්තේ එකට, ‘එහි ශක්තිය තිබේ’ යන අර්ථය ඇති ‘බෝවස්’ යන නම ද තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔහු මාලිගාව ඉදිරිපිට ඒ කුලුණු, එකක් දකුණු පැත්තේ ද එකක් වම් පැත්තේ ද පිහිටුවා, දකුණු පැත්තේ එකට, ‘එතුමාණෝ පිහිට වන සේක’ යන අර්ථය ඇති ‘ජාකීන්’ යන නම ද, වම් පැත්තේ එකට, ‘එහි ශක්තිය තිබේ’ යන අර්ථය ඇති ‘බෝවස්’ යන නම ද තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 3:17
4 හුවමාරු යොමු  

ඔහු දේවමාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුළුනු පිහිටෙව්වේය. දකුණු කුළුන පිහිටුවා ඊට යාකීන් යන නමද වම් කුළුන පිහිටුවා ඊට බෝවස් යන නමද තැබුවේය.


සිමියොන්ගේ පුත්‍රයෝ, යෙමුවෙල්, යාමීන්, ඔහද්, යාඛින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ ෂාවුල්ය.


දේව වාක්‍යස්ථානයෙහි ඔහු දම්වැල් සාදා, ඒවා කුළුනු මුදුන්වල තබා දෙළුම් සියයක් සාදා, ඒවා දම්වැල්වල එල්ලුවේය.


ශාලාවේ දිග විසි රියනක්ය, පළල එකොළොස් රියනක්ය; පඩි දසයකින් ඒකට නගින්නෝය. කුළුනුවලට කණු එක පැත්තක එකක්ද අනික් පැත්තෙහි එකක්ද බැගින් තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්