Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 3:11 - Sinhala Revised Old Version

11 කෙරූබ්-රූපවල පියාපත්වල දිග විසි රියනක්ය. එකක පියාපතක් රියන් පහක් දිගව ගෘහයේ භිත්තියට තට්ටුවෙන ලෙසද අනික් පියාපත රියන් පහක් දික්ව අනික් කෙරූබ්-රූපයේ පියාපතකට තට්ටුවෙන ලෙසද තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 කෙරුබ් රූප පියාපත්වල දිග මීටර් නවයකි. එක පියාපතක් මීටර් දෙකයි දශම දෙකකි. එකක් මාලිගාවේ බිත්තියට ස්පර්ශ වන ලෙස ද, අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් දික් ව, අනික් කෙරුබ් රූපයේ පියාපතකට ස්පර්ශ වන ලෙස ද තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 කෙරුබ් රූප පියාපත්වල දිග මීටර් නවයකි. එක පියාපතක් මීටර් දෙකයි දශම දෙකකි. එකක් මාලිගාවේ බිත්තියට ස්පර්ශ වන ලෙස ද, අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් දික් ව, අනික් කෙරුබ් රූපයේ පියාපතකට ස්පර්ශ වන ලෙස ද තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 3:11
4 හුවමාරු යොමු  

ඔහු ඒ කෙරුබ් රූප ඇතුල් ගෘහය තුළ පිහිටෙවුවේය. එක කෙරුබ් රූපයක පියාපතක් එක භිත්තියට වදින හැටියටත් අනික් කෙරුබ් රූපයේ පියාපතක් අනික් භිත්තියට වදින හැටියටත් ඒවායේ පියාපත් ගෘහය මධ්‍යයෙහි එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබනලද්දේය.


ඔහු අති ශුද්ධස්ථානයෙහි කෙරූබ්-රූප දෙකක් කපා සාදා තැබුවේය; ඒවා රනින් වසන ලද්දේය.


අනික් කෙරූබ්-රූපයේ පියාපතක් රියන් පහක් දිගව ගෘහයේ භිත්තියට තට්ටුවෙන ලෙසද අනික් පියාපතත් රියන් පහක් දිගව අනික් කෙරූබ්-රූපයේ පියාපතකට වැදෙන ලෙසද තිබුණේය.


ඔවුන්ගේ පියාපත් එකිනෙකට බැඳී තැවරී තිබුණේය; ඔව්හු යන විට නොහැරී කෙළින් ඉස්සරහට ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්