Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 29:32 - Sinhala Revised Old Version

32 සභාව ගෙනා දවන පූජාවල ගණන ගොනුන් හැත්තෑවකුත් බැටළුවන් සියයකුත් බැටළුපැටවුන් දෙසියයකුත්ය. මේ සියල්ල ස්වාමීන්වහන්සේට දවන පූජාවක් පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 සභාව ගෙනා දවන යාග පූජාවල ගණන ගොනුන් හැත්තෑවකුත්, බැටළුවන් සියයකුත්, බැටළු පැටවුන් දෙසියයකුත් ය. මේ සියල්ල ගෙනාවේ, සමිඳාණන් වහන්සේට දවන යාග පූජා පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 සභාව ගෙනා දවන යාග පූජාවල ගණන ගොනුන් හැත්තෑවකුත්, බැටළුවන් සියයකුත්, බැටළු පැටවුන් දෙසියයකුත් ය. මේ සියල්ල ගෙනාවේ, සමිඳාණන් වහන්සේට දවන යාග පූජා පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 29:32
10 හුවමාරු යොමු  

තවද ඔව්හු දෙවියන් වහන්සේගේ මේ ගෘහය කැපකිරීමේදී ගොනුන් සියයක්ද බැටළුවන් දෙසියයක්ද බැටළුපැටවුන් හාරසියයක්ද ඉශ්‍රායෙල්හි ගෝත්‍රවල ගණන ලෙස සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා පාප පූජාවක් කොට එළුවන් දොළොස්දෙනෙක්ද ඔප්පුකළෝය.


ඒ දවසට පසුවදා ඔව්හු ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරමින්, ගොන් දහසකුත් බැටළුවන් දහසකුත් බැටළු වස්සන් දහසකුත් දවන පූජාවල් කොටද ඒවායේ පාන පූජා සමඟ වෙනත් පූජාද බොහෝසෙයින්ම සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා ස්වාමීන්වහන්සේට ඔප්පුකළෝය.


සාලමොන් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ ශාන්ති පූජා සඳහා ඔහු ගොනුන් විසිදෙදහක්ද බැටළුවන් එක් ලක්ෂ විසිදහසක්ද පුදකෙළේය. මෙසේ රජද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද ස්වාමීන්වහන්සේගේ ගෘහය කැපකළෝය.


ගිබියොන් ප්‍රධාන උස් තැනවූ බැවින් පූජා ඔප්පුකරන පිණිස රජ එතැනට ගියේය. දවන පූජා දහසක් සාලමොන් ඒ පූජාසනය පිට පුදකෙළේය.


එවිට හෙසකියා කථාකොට: දැන් නුඹලාම ස්වාමීන්වහන්සේට කැපවී සිටින බැවින් ළංවී යාගද ස්තුති පූජාද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන්නැයි කීවේය; සභාව යාගද ස්තුති පූජාද කැමති සියල්ලෝ දවන පූජාද ගෙනාවෝය.


කැපකළ දේ නම් ගොන් හසියයකුත් බැටළුවන් තුන් දහසකුත්ය.


ශාන්ති පූජාවල තෙලත් දවන යාග සඳහාවූ පාන පූජාවලුත් ඇතුළුව දවන පූජා බොහෝසෙයින් තිබුණේය. මෙසේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිළිවෙළට යොදනලද්දේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හඬගසා සම්මුඛවීමේ කූඩාරමේ සිට ඔහුට කථාකොට:


ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය.


යළිත් ඔව්හු දෙවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය. පූජකයෝද ලෙවීවරුද ලජ්ජාවට පැමිණ, තුමූම පවිත්‍රවී, ස්වාමීන්වහන්සේගේ ගෘහයට දවන පූජා ගෙනාවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්