2 ලේකම් 29:27 - Sinhala Revised Old Version27 හෙසකියාද පූජාසනය පිට දවන පූජාව ඔප්පුකරන්ට අණකෙළේය. දවන පූජාව පටන්ගන්න වේලාවට ස්වාමීන්වහන්සේගේ ගීතිකාවද හොරණෑද ඉශ්‍රායෙල් රජවූ දාවිත්ගේ තූර්යභාණ්ඩ ඇතුව පටන්ගන්නාලද්දේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version27 හෙසකියා ද පූජාසනය පිට දවන යාග පූජාව ඔප්පු කරන්න අණ කළේ ය. දවන යාග පූජාව පටන්ගන්න වේලාවේ සමිඳාණන් වහන්සේගේ ගී ද හොරණෑ ශබ්දය ද ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ තූර්ය භාණ්ඩවල හඬ ද ඇති ව එය පටන්ගන්න ලදී. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201827 හෙසකියා ද පූජාසනය පිට දවන යාග පූජාව ඔප්පු කරන්න අණ කළේ ය. දවන යාග පූජාව පටන්ගන්න වේලාවේ සමිඳාණන් වහන්සේගේ ගී ද හොරණෑ ශබ්දය ද ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ තූර්ය භාණ්ඩවල හඬ ද ඇති ව එය පටන්ගන්න ලදී. පරිච්ඡේදය බලන්න |
පූජකයෝද තම තමුන්ගේ තනතුරුවල යෙදී සිටියෝය; ලෙවීවරුත් ස්වාමීන්වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝය, ඔවුන් ලවා දාවිත් රජ ප්‍රශංසාකරවන විට: මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ස්තුතිකිරීමට දාවිත් විසින් ඒවා සාදවා තිබුණේය. පූජකයෝද ඔවුන් ඉදිරිපිටින් සිට නළා පිම්බෝය; සියලු ඉශ්‍රායෙල්වරුද නැගිට සිටියෝය.