Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 29:21 - Sinhala Revised Old Version

21 ඔව්හු රාජ්‍යයද ශුද්ධස්ථානයද යූදාවරුන්ද උදෙසා පාප පූජාවක් පිණිස ගොනුන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් බැටළුපැටවුන් සත්දෙනෙකුත් එළුවන් සත්දෙනෙකුත් ගෙනාවෝය. උන් ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඔප්පුකරන්ට ඔහු පූජකයන්වූ ආරොන්ගේ පුත්‍රයන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔව්හු රාජ්‍යය ද ශුද්ධස්ථානය ද ජුදාවරුන් ද උදෙසා පාප පූජාවක් පිණිස ගොනුන් සත්දෙනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත්, බැටළු පැටවුන් සත්දෙනෙකුත්, එළුවන් සත්දෙනෙකුත් ගෙනාහ. ඒ සතුන් සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට ඔප්පු කරන්න ඔහු පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඔව්හු රාජ්‍යය ද ශුද්ධස්ථානය ද ජුදාවරුන් ද උදෙසා පාප පූජාවක් පිණිස ගොනුන් සත්දෙනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත්, බැටළු පැටවුන් සත්දෙනෙකුත්, එළුවන් සත්දෙනෙකුත් ගෙනාහ. ඒ සතුන් සමිඳාණන් වහන්සේගේ පූජාසනය පිට ඔප්පු කරන්න ඔහු පූජකයන් වන ආරොන්ගේ පුත්‍රයන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 29:21
12 හුවමාරු යොමු  

ඔහු මංගල්‍යයේ දවස් සතේ ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට සත් දවසෙන් එක එක දවසට කැලලක් නැති ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් පාප පූජාවක් කොට දවසට එළුවෙකුත් පිළියෙළකරන්නේය.


එබැවින් ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයාවූ යෝබ් ළගට ගොස්, නුඹලා වෙනුවට දවන පූජාවක් ඔප්පුකරන්න. මාගේ සේවකයාවූ යෝබ් නුඹලා උදෙසා යාච්ඤාකරන්නේය; එවිට නුඹලාගේ මෝඩකමේ හැටියට මා විසින් නුඹලාට නොකරන පිණිස ඔහු පිළිගන්නෙමි; මක්නිසාද මාගේ සේවකයාවූ යෝබ් වාගේ නුඹලා මා ගැන හරි ලෙස කථාකළේ නැතැයි කීසේක.


හැරී ආවාවූ වාල්කමේ පුත්‍රයෝ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට දවන පූජා පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා ගොන් දොළොස් දෙනෙක්ද බැටළුවන් අනූ හදෙනෙක්ද බැටළුපැටවුන් හැත්තෑ හත්දෙනෙක්ද පාප පූජාවක් පිණිස එළුවන් දොළොස් දෙනෙක්ද ඔප්පුකළෝය. ඒ සියල්ල ස්වාමීන්වහන්සේට ඔප්පුකළ දවන පූජාවක්ය.


තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන ලෙවීවරුන්ට දෙවියන්වහන්සේ පිහිටවූ කල ඔව්හු ගොන් හත්දෙනෙක්ද බැටළුවන් හත්දෙනෙක්ද පූජාකළෝය.


බාලාම්ද: මෙහි පූජාසන සතක් මට ගොඩනගා ගොන් සත්දෙනෙක් සහ බැටළුවන් සත්දෙනෙක් මෙහි මට පිළියෙළකරන්නැයි බාලාක්ට කීවේය.


ශොල්ඵිම් කෙතෙහි පිස්ගා මුදුනට ඔහු ගෙනගොස් පූජාසන සතක් ගොඩනගා එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය.


බාලාම් තෙමේ බාලාක්ට කථාකොට: මෙහි මට පූජාසන සතක් ගොඩනගා ගොන් සත්දෙනෙක්ද බැටළුවන් සත්දෙනෙක්ද පිළියෙළ කරන්නැයි කීවේය. බාලාක් තෙමේ බාලාම් කී ලෙස කෙළේය;


අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.


ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවෙන් පාප පූජාවකට එළුවන් දෙන්නෙක්ද දවන පූජාවකට එක බැටළුවෙක්ද ගන්නේය.


එවිට හෙසකියා රජ අලුයම නැගිට නුවර අධිපතීන් රැස්කරවා ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්