Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 29:19 - Sinhala Revised Old Version

19 ඇරත් ආහාස් රජු රජකම්කරන කල තමාගේ ද්‍රෝහිකමේදී අහකදැමූ සියලු භාණ්ඩත් අපි සූදානම්කර පවිත්‍රකෙළෙමුව; ඒවා ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට තිබේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඇරත් ආහාස් රජු රජකම් කරන කල ඔහුගේ ද්‍රෝහිකමේ දී අහක දැමූ සියලු භාණ්ඩත් අපි සූදානම් කර පවිත්‍ර කෙළෙමු. ඒවා සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට තිබේ ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඇරත් ආහාස් රජු රජකම් කරන කල ඔහුගේ ද්‍රෝහිකමේ දී අහක දැමූ සියලු භාණ්ඩත් අපි සූදානම් කර පවිත්‍ර කෙළෙමු. ඒවා සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට තිබේ ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 29:19
5 හුවමාරු යොමු  

ආහාස් දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ එකතුකර, දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ කැබෙලිකොට කපා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරවල් වසා, යෙරුසලමේ සියලු මුළුවල පූජාසන සාදාගත්තේය.


එවිට ඔව්හු හෙසකියා රජු වෙතට රාජ මාලිගාව ඇතුළට ගොස් කථාකොට: අපි ස්වාමීන්වහන්සේගේ මුළු ගෘහයත් දවන පූජා පුදන පූජාසනයත් ඊට අයිති සියලු භාණ්ඩත් රොටි මේසයත් ඊට අයිති සියලු භාණ්ඩත් පිරිසිදුකෙළෙමුව.


එවිට හෙසකියා රජ අලුයම නැගිට නුවර අධිපතීන් රැස්කරවා ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගියේය.


ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබුණු පිත්තල පූජාසනය වූකලී ගෘහය ඉදිරියෙන් එනම් තමාගේ පූජාසනයටත් ස්වාමීන්වහන්සේගේ ගෘහයටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ තැබුවේය.


තවද ආහාස් රජ අෂූර්හි රජු නිසා මැහිවල පනේල කපා දමා ඒවා උඩ තිබුණු භාජනය අහක් කෙළේය; මුහුද යට තිබුණු පිත්තල ගවයන්ගේ පිටෙන් මුහුද බස්වා ගල් අතුළ බිමක තැබුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්