Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 29:16 - Sinhala Revised Old Version

16 පූජකයෝ ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරිසිදුකරන පිණිස එහි ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සම්බවුණ සියලු කිලුටු දේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවට ගෙනාවෝය. ලෙවීවරු ඒවා කිද්‍රොන් ඔයට ගෙනයන පිණිස අරගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 පූජකයෝ උන් වහන්සේගේ මාලිගාව පිරිසිදු කරන පිණිස එහි ඇතුළට ගොස් උන් වහන්සේගේ මාලිගාවෙහි සම්බ වූ සියලු අපිරිසිදු දේ ඒ මාලිගාවේ මළුවට ගෙනාවෝ ය. ලෙවීවරු ඒවා කිද්‍රොන් ඔයට ගෙන ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 පූජකයෝ උන් වහන්සේගේ මාලිගාව පිරිසිදු කරන පිණිස එහි ඇතුළට ගොස් උන් වහන්සේගේ මාලිගාවෙහි සම්බ වූ සියලු අපිරිසිදු දේ ඒ මාලිගාවේ මළුවට ගෙනාවෝ ය. ලෙවීවරු ඒවා කිද්‍රොන් ඔයට ගෙන ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 29:16
15 හුවමාරු යොමු  

ආසා රජුගේ මෑණියන්වූ මයකා විසින් අෂේරාට පිළිකුල් රූපයක් සෑදූ නිසා ආසා ඇය බිසෝකමෙන් අහක්කර, ඇගේ පිළිමය කපාදමා සුණුකර, කිද්‍රොන් ඔය ළඟදී එය පුලුස්සා දැමුවේය.


යේසුස්වහන්සේ මේ වචන කියා නිමවූ කල තමන් ගෝලයන් සමඟ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩට ගියසේක; එහි තිබුණු උයනකට උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඇතුල්වූසේක.


ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුදුකළ සොහොන් ගෙවලට සමානය, ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නුමුත් ඇතුළේ මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබේ.


මම නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් නුඹලා ගළවන්නෙමි. නුඹලා පිටට සාගතය නොපමුණුවා, ධාන්‍ය උපදවාදී, ඒවා වැඩිකරන්නෙමි.


පූජකයෝද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අති ශුද්ධස්ථානය වන ගෘහයේ දේව වාක්‍යස්ථානයට ගෙනැවිත්, කෙරූබ්වරුන්ගේ පියාපත් යට ඊට නියම ස්ථානයෙහි තැබුවෝය.


ඔහු අති ශුද්ධ ගෘහයක් සෑදුවේය; ඒකේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, ඒකේ පළලත් විසි රියනක්ය. ඔහු එය හොඳ රන් තලෙන්ත හසියයකින් පමණ වැසුවේය.


මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැනම මිනිස්සු මහත් හඬින් ඇඬුවෝය. රජ තෙමේ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩව ගියේය, මුළු සෙනඟද කාන්තාරයට යන මාර්ගය දෙසට එගොඩව ගියෝය.


ඔව්හු නැගිට යෙරුසලමෙහි තිබුණු පූජාසන පහකළෝය, සියලු දුම් පූජාසනත් පහකොට කිද්‍රොන් ඔයට දැමුවෝය.


එවිට මාගේ ආඥාව පිට ඔව්හු ඇතුල් ගෙවල් පිරිසිදුකළෝය. තවද දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩද ආහාර පූජාද තුවරලාද මම නැවත එතැනට ගෙනායෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්