Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 28:24 - Sinhala Revised Old Version

24 ආහාස් දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ එකතුකර, දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ කැබෙලිකොට කපා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරවල් වසා, යෙරුසලමේ සියලු මුළුවල පූජාසන සාදාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ආහාස් දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ එකතු කර, එහි වෙනත් භාණ්ඩ කැබලි කොට කපා, උන් වහන්සේගේ මාලිගාවේ දොරවල් වසා, ජෙරුසලමේ අස්සක් මුල්ලක් නෑර පූජාසන සාදා ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ආහාස් දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ එකතු කර, එහි වෙනත් භාණ්ඩ කැබලි කොට කපා, උන් වහන්සේගේ මාලිගාවේ දොරවල් වසා, ජෙරුසලමේ අස්සක් මුල්ලක් නෑර පූජාසන සාදා ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 28:24
12 හුවමාරු යොමු  

ද්වාරමණ්ඩපයේ දොරටුත් ඔව්හු වසා තබා, පහන් නිවා, ශුද්ධස්ථානයෙහි ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට සුවඳ දුම්වත් දවන පූජාවත් ඔප්පු නොකළෝය.


ඔව්හු නැගිට යෙරුසලමෙහි තිබුණු පූජාසන පහකළෝය, සියලු දුම් පූජාසනත් පහකොට කිද්‍රොන් ඔයට දැමුවෝය.


මක්නිසාද මා නුඹලාගේ නමස්කාරයට අඩංගු දේවල් බලමින් යන අතර: නාඳුනන දෙවි කෙනෙකුටය යන ලියවිල්ල ඇති පූජාසනයකුත් දුටිමි. එබැවින් නුඹලා නොදන්නාකමින් නමස්කාරකරන ඒ දෙය මම නුඹලාට ප්‍රකාශකරමි.


පාවුල් අතීනසයේදී ඔවුන්ගේ ඊම බලා සිටි කල නුවර දේවරූපවලින් පිරී තිබෙන බව දැක ඔහුගේ ආත්මය ඔහු තුළ චංචලවූයේය.


ගිලියද් අයුතුකමද? ඔව්හු සහමුලින්ම නිෂ්ඵලකමය; ඔව්හු ගිල්ගල්හිදී ගොනුන් පූජාකරති. එසේය, ඔවුන්ගේ පූජාසනද කෙතේ හීවිටි පිට තිබෙන ගල්ගොඩවල් මෙන්ය.


නුමුත් නුඹ සාදාගත් දෙවිවරු කොයිද? නුඹේ විපත්ති කාලයේදී නුඹ ගළවන්ට ඔවුන්ට පුළුවන් නම් ඔව්හු නැගිටිත්වා. මක්නිසාද, එම්බා යූදා, නුඹේ නුවරවල ගණනට නුඹට දෙවිවරු සිටිති.


ඔහු තමාගේ රජකම් කිරීමේ පළමුවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරවල් ඇර ඒවා හරිගැස්සුවේය.


යූදාහි සියලු නුවරවලම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ඔහු උස්තැන් සාදා තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකෙළේය.


ඇරත් ආහාස් රජු රජකම්කරන කල තමාගේ ද්‍රෝහිකමේදී අහකදැමූ සියලු භාණ්ඩත් අපි සූදානම්කර පවිත්‍රකෙළෙමුව; ඒවා ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට තිබේයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්