Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 28:11 - Sinhala Revised Old Version

11 එබැවින් මට ඇහුම්කන්දී නුඹලාගේ සහෝදරයන්ගෙන් අල්වාගත් තැනැත්තන් ආපසු යවන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තද උදහස නුඹලා කෙරෙහි තිබේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එබැවින් මට ඇහුම්කන් දී ඔබේ සහෝදරයන්ගෙන් අල්ලාගත් තැනැත්තන් ආපසු යවන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙහි තිබේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එබැවින් මට ඇහුම්කන් දී ඔබේ සහෝදරයන්ගෙන් අල්ලාගත් තැනැත්තන් ආපසු යවන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙහි තිබේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 28:11
10 හුවමාරු යොමු  

මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.


මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය.


දයාවන්තයෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දයාව ලබන්නෝය.


මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩාදැමීමත් නොවේද?


දැන් අපේ අධිපතියෝ මුළු සභාව වෙනුවෙන් පත්කරනු ලබත්වා, අපේ දෙවියන්වහන්සේගේ බලවත් උදහස අප කෙරෙන් පහවෙන තුරු, මේ කාරණය ඉෂ්ටකරන තුරු, අපේ නුවරවල අන්‍ය ජාතී ස්ත්‍රීන් පාවාගන සිටින සියල්ලෝද ඔවුන් සමඟ එක එක නුවර වැඩිමහල්ලෝද විනිශ්චයකාරයෝද නියම කාලවලදී පැමිණෙත්වයි කීවෝය.


තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරයන්ගෙන් ස්ත්‍රීන්ද පුත්‍රයන්ද දූවරුන්ද දෙලක්ෂයක් අල්ලාගන, ඔවුන්ගෙන් මහත් කොල්ලයකුත් රැගෙන, ඒ කොල්ලය සමාරියට ගෙනගියෝය.


එකල එප්‍රායිම් පුත්‍රයන්ගේ ප්‍රධානීන්ගෙන් සමහරෙක් වූ යොහානාන්ගේ පුත්‍රවූ අසරියාද මෙෂිල්ලේ-මොත්ගේ පුත්‍රවූ බෙරෙකියාද ෂල්ලුම්ගේ පුත්‍රවූ යෙහිස්කියාද හද්ලයිගේ පුත්‍රවූ අමාසාද යුද්ධයෙන් ආ අයට විරුද්ධව නැගිට සිට,


ඔබගේ තද උදහස මා මතුයෙන් ගියේය; ඔබගෙන් පැමිණෙන භීති මා සිඳදැම්මේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්