Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 26:23 - Sinhala Revised Old Version

23 උස්සියා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; මනුෂ්‍යයෝ ඔහු කුෂ්ඨරෝගියෙක් කියා ඔහුගේ පියවරුන් ළඟ රජවරුන්ගේ සොහොන්පළේ පිට්ටනියෙහි ඔහු තැන්පත්කළෝය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් ඔහු වෙනුවට රජවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 උශ්ශියා මියගියේ ය. මනුෂ්‍යයෝ ඔහු ලාදුරු රෝගියෙක් ය කියා ඔහුගේ පියවරුන් ළඟ රජවරුන්ගේ සොහොන් පළේ පිට්ටනියෙහි ඔහු තැන්පත් කළෝ ය. ඉන්පසු ඔහුගේ පුත් ජෝතාම් ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 උශ්ශියා මියගියේ ය. මනුෂ්‍යයෝ ඔහු ලාදුරු රෝගියෙක් ය කියා ඔහුගේ පියවරුන් ළඟ රජවරුන්ගේ සොහොන් පළේ පිට්ටනියෙහි ඔහු තැන්පත් කළෝ ය. ඉන්පසු ඔහුගේ පුත් ජෝතාම් ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 26:23
7 හුවමාරු යොමු  

ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔව්හු යෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝය; මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජ විය.


ඔහු තිස් දෑවුරුදු වයසේදී රජවී අට අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කනගාටුනූණේය; ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝය, නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේය.


උස්සියා රජු නැසුණු අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ උස්වූ උසස්වූ සිංහාසනයක වැඩ හිඳිනවා දුටිමි. උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවරින් මාළිගාව පිරී තිබුණේය.


මෙසේ මනස්සේ තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ ගෙයි තැන්පත් කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආමොන් ඔහු වෙනුවට රජවිය.


ඔහුට විරුද්ධව සිටිමින්, ඔහුට කථාකොට: උස්සියානි, සුවඳ දුම් ඔප්පුකිරීමට කැපකරනලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ඔබ වරද කෙළෙහිය; මෙය දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේයයි කීවෝය.


යෝතාම් විසිපස් අවුරුදු වයසේදී රජවී, යෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙරූෂාය, ඈ ශාදොක්ගේ දුවෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්