Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 26:17 - Sinhala Revised Old Version

17 නුමුත් අසරියා පූජකයාද ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයන්ව සිටි ස්වාමීන්වහන්සේගේ පූජකයන් අසූ දෙනෙක්ද උස්සියා රජු පස්සේ ගොස් ඇතුල්වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එහෙත්, අශරියා පූජකයා ද ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයන් ව සිටි සමිඳාණන් වහන්සේගේ පූජකයෝ අසූදෙනෙක් ද උශ්ශියා රජු පසුපස ගොස් ඇතුළු වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එහෙත්, අශරියා පූජකයා ද ඔහු සමඟ වික්‍රමාන්විත මනුෂ්‍යයන් ව සිටි සමිඳාණන් වහන්සේගේ පූජකයෝ අසූදෙනෙක් ද උශ්ශියා රජු පසුපස ගොස් ඇතුළු වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 26:17
4 හුවමාරු යොමු  

යොහානාන්ට දාව අසරියාද උපන්නෝය. (සාලමොන් විසින් යෙරුසලමේ ගොඩනැගූ ගෘහයෙහි පූජක තනතුර ඉෂ්ටකළේ ඔහුය.)


ඔහුගේ පුත්‍රවූ ෂෙමායා නිසාත් පුත්‍රයෝ උපන්නෝය, ඔව්හු බලවන්ත මනුෂ්‍යයෝව සිටි නිසා තමුන්ගේ පිය වංශයෙහි ආණ්ඩුකාරයෝව සිටියෝය.


බලවන්ත යෞවනයෙක්වූ ශාදොක් සහ ඔහුගේ පිය වංශයේ අධිපතිවරු විසිදෙදෙනෙක්ය.


ඔහුට විරුද්ධව සිටිමින්, ඔහුට කථාකොට: උස්සියානි, සුවඳ දුම් ඔප්පුකිරීමට කැපකරනලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ඔබ වරද කෙළෙහිය; මෙය දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්