Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 26:15 - Sinhala Revised Old Version

15 තවද ඔහු ඊගස්වලින්ද ලොකු ගල්වලින්ද විදින්ට මුර කොටු උඩත් කොත් උඩත් තබන පිණිස දක්ෂ මිනිසුන් විසින් සොයා දැනගත් යන්ත්‍ර යෙරුසලමෙහි සෑදෙවුවේය. ඔහුගේ නාමය දස දෙස පතළව ගියේය; මක්නිසාද බලවත්වන ලෙස පුදුමාකාරයෙන් ඔහුට උපකාර ලැබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 තවද, ඔහු ඊගස්වලින් ද ලොකු ගල්වලින් ද විදින පිණිස මුරකොටු උඩත්, කොත් උඩත් තැබීමට දක්ෂ මිනිසුන් විසින් නිපදවන ලද යන්ත්‍ර ජෙරුසලමෙහි සෑදෙව්වේ ය. ඔහුගේ කීර්තිය දස දෙස පතළ ව ගියේ ය. මන්ද, ඔහුට සවි ශක්තිය ලැබුණේ ඉතා පුදුමාකාර මාර්ගයකින් බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 තවද, ඔහු ඊගස්වලින් ද ලොකු ගල්වලින් ද විදින පිණිස මුරකොටු උඩත්, කොත් උඩත් තැබීමට දක්ෂ මිනිසුන් විසින් නිපදවන ලද යන්ත්‍ර ජෙරුසලමෙහි සෑදෙව්වේ ය. ඔහුගේ කීර්තිය දස දෙස පතළ ව ගියේ ය. මන්ද, ඔහුට සවි ශක්තිය ලැබුණේ ඉතා පුදුමාකාර මාර්ගයකින් බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 26:15
9 හුවමාරු යොමු  

උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩාවලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක.


ඔහු දාන්ගේ දූවරුන්ගෙන්වූ තැනැත්තියෙකුගේ පුත්‍රයාය, ඔහුගේ පියා තීර්හි මනුෂ්‍යයෙක්ය. ඔබගේ දක්ෂ මනුෂ්‍යයන්ද ඔබගේ පියවූ මාගේ ස්වාමිවූ දාවිත්ගේ දක්ෂ මනුෂ්‍යයන්ද සමඟ ඔහුට නියමකරන සියලු ආකාර වැඩ සොයා දැනගන්ටද රන්, රිදී, පිත්තල, යකඩ, ගල්, ලී වැඩ හා රත්නිල්, නිල්වන්, සිහින් හණ, රතු නූල් වැඩ කරන්ටද කොයියම් කැටයම් වැඩක් නුමුත් කරන්ටද ඔහු සමර්ථය.


ඉතින් මාගේ පියවූ දාවිත් විසින් සොයා දුන්නාවූ මා ළඟ යූදාහිත් යෙරුසලමෙහිත් සිටින දක්ෂ ප්‍රඥාවන්ත මිනිසුන් සමඟ, රන් රිදී පිත්තල යකඩ වැඩත් රත්නිල්, රතු, නිල්වන් නූල් වැඩත් කිරීමට දක්ෂවූ, සියලු ආකාර කැටයම්වැඩ කරන්ට දන්නාවූ මනුෂ්‍යයෙකු මා ළඟට එවුවමැනවි.


බැඳීමට මැණික් කැපීමටත් ලීවලින් කැටයම් වැඩ කිරීමටත් සියලු ආකාර වැඩවලට ප්‍රඥාවද බුද්ධියද දැනගැන්මද


උස්සියා ඒ මුළු සේනාවට පලිස්ද හෙල්ලද තොප්පිද යුද්ධ සැට්ටද දුනුද වීසිකිරීමට ගල්ද පිළියෙළ කෙළේය.


නුමුත් ඔහු බලවත්වූ කල, නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟුවිය; ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව වරද කෙළේය.


මම තවත් මේ සෙනඟ අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුමවූ අපූරු ක්‍රියාවක් කරන්ට පටන්ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැතිවී යන්නේය, ඔවුන්ගේ නැණවතුන්ගේ නුවණද සැඟවීයන්නේයයි කීසේක.


ජාතීන් අතරෙහි බලා, කල්පනාකර, ඉතා විස්මපත්වෙන්න. මක්නිසාද නුඹලාට කීවත් නුඹලා විශ්වාස නොකරන ක්‍රියාවක් නුඹලාගේ දවස්වලදී කරමි.


කෑමට නුසුදුසු බව නුඹ දන්නා ගස් පමණක් කපා නාස්තිකර, නුඹට විරුද්ධව යුද්ධ කරන නුවර පරාජය වනතුරු ඊට විරුද්ධව පවුරු ගොඩනගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්