Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 25:6 - Sinhala Revised Old Version

6 තවද ඔහු ඉශ්‍රායෙල්වරුන්ගෙන් යුද්ධ දක්ෂයන් ලක්ෂයක් රිදී තලෙන්ත සියයකට කුලියට ගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔහු ඉශ්රායෙල්වරුන්ගෙන් යුද්ධයට දක්ෂ අය ලක්ෂයක් රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකට කුලියට ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔහු ඉශ්රායෙල්වරුන්ගෙන් යුද්ධයට දක්ෂ අය ලක්ෂයක් රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයකට කුලියට ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 25:6
3 හුවමාරු යොමු  

තවද අමශියා යූදාවරුන් රැස්කර, මුළු යූදාහිද බෙන්යමින්හිද ඔවුන්ගේ පියවංශවල හැටියට ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද යටතේ පත්කොට, විසිඅවුරුද්ද පටන් ඉන් ඉහළට වයස්වූවන් ගණන්කර, හෙල්ලද පලිස්ද දරා යුද්ධයට යන්ට දක්ෂවූ තෝරාගත් මනුෂ්‍යයන් තුන් ලක්ෂයක් සිටින බව දැනගත්තේය.


නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ඔහු ළඟට ඇවිත්: රජ්ජුරුවෙනි, සියලු එප්‍රායිම් පුත්‍රයන් වන ඉශ්‍රායෙල්වරුන් සමඟ ස්වාමීන්වහන්සේ නොසිටින නිසා ඉශ්‍රායෙල් යුද්ධ සේනාව ඔබ සමඟ නොයත්වා.


තවද අම්මොන් පුත්‍රයෝ තමුන් දාවිත් ඉදිරියෙහි පිළිකුල්ව සිටින බව දැක, හානූන් සහ අම්මොන් පුත්‍රයෝද මෙසොපොතාමියේ සිරියවරුන්ගෙනුත් මයකාහි සිරියවරුන්ගෙනුත් ශෝබායෙනුත් රථ සහ අසරුවන් කුලියට ගන්ට රිදී තලෙන්ත දහසක් යැවූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්