Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 25:4 - Sinhala Revised Old Version

4 නුමුත්: දරුවන් නිසා පියවරුවත් පියවරුන් නිසා දරුවෝවත් මරනු නොලබත්වා, එක එකා තම තමාගේම පාපය නිසා මරනු ලබාවයි කියා ස්වාමීන්වහන්සේ අණකළ ලෙස, මෝසෙස්ගේ පොතේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන පරිද්දෙන් ඔහු ඔවුන්ගේ දරුවන් නොමරා හැරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එහෙත්, “දරුවන් නිසා පියවරු වත්, පියවරුන් නිසා දරුවෝ වත් මරනු නොලබත්වා; එක් එක්කෙනා තම තමාගේ ම පාපය නිසා මරනු ලැබේවා”යි සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන පරිද්දෙන් ඔහු ඔවුන්ගේ දරුවන් නොමරා හැරියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එහෙත්, “දරුවන් නිසා පියවරු වත්, පියවරුන් නිසා දරුවෝ වත් මරනු නොලබත්වා; එක් එක්කෙනා තම තමාගේ ම පාපය නිසා මරනු ලැබේවා”යි සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන පරිද්දෙන් ඔහු ඔවුන්ගේ දරුවන් නොමරා හැරියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 25:4
6 හුවමාරු යොමු  

දරුවන් වෙනුවට පියවරුවත් පියවරුන් වෙනුවට දරුවෝවත් මරනු නොලැබෙත්වා. එක් එක්කෙනා තම තමාගේ පාපය නිසා මරනු ලැබේවා.


පව්කරන ප්‍රාණයම නසිනවා ඇත. පුත්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේය, පියාද පුත්‍රයාගේ අයුතුකම නොදරන්නේය; ධර්මිෂ්ඨයාගේ ධර්මිෂ්ඨකම ඔහු පිටටත් දුෂ්ටයාගේ දුෂ්ටකම ඔහු පිටටත් පැමිණෙන්නේය.


බලව, සියලුම ප්‍රාණ මට අයිතිය; පියාගේ ප්‍රාණය මෙන් පුත්‍රයාගේ ප්‍රාණයත් මට අයිතිය. පව්කරන ප්‍රාණයම නසින්නේය.


තවද අමශියා යූදාවරුන් රැස්කර, මුළු යූදාහිද බෙන්යමින්හිද ඔවුන්ගේ පියවංශවල හැටියට ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද යටතේ පත්කොට, විසිඅවුරුද්ද පටන් ඉන් ඉහළට වයස්වූවන් ගණන්කර, හෙල්ලද පලිස්ද දරා යුද්ධයට යන්ට දක්ෂවූ තෝරාගත් මනුෂ්‍යයන් තුන් ලක්ෂයක් සිටින බව දැනගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්