Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 25:17 - Sinhala Revised Old Version

17 එකල යූදාහි රජවූ අමශියා මන්ත්‍රණයකොට: එන්න, අපි මුණගැසෙමුව කියා යේහුගේ පුත්‍රවූ යෙහෝවාස්ගේ පුත්‍රයා වන ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ට කියා හැරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එකල ජුදාහි රජ වූ අමශියා මන්ත්‍රණය කොට, “එන්න, අපේ ශක්තිය උරගා බලමු” කියා ජේහුගේ පුත් ජෙහෝවාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වන ජෝවාෂ්ට කියා හැරියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එකල ජුදාහි රජ වූ අමශියා මන්ත්‍රණය කොට, “එන්න, අපේ ශක්තිය උරගා බලමු” කියා ජේහුගේ පුත් ජෙහෝවාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වන ජෝවාෂ්ට කියා හැරියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 25:17
7 හුවමාරු යොමු  

තරඟයෙන් වැලකී සිටීම මනුෂ්‍යයෙකුට ගෞරවයකි; එහෙත් හැම මෝඩයෝම ඩබරකරති.


අමශියා තමා සමඟ යුද්ධයට නොයන පිණිස ආපසු හැරියාවූ හමුදාවේ මනුෂ්‍යයෝ සමාරියේ සිට බෙත්හෝරොන් දක්වා යූදාහි නුවරවලට වැද, එහිදී තුන්දහසකට පහරදී බොහෝ කොල්ලය ගත්තෝය.


අබ්නේර්: තරුණයෝ නැගිට අප ඉදිරියෙහි ක්‍රීඩාකෙරෙත්වයි යෝවාබ්ට කීය. යෝවාබ්ද: ඔව්හු එසේ කෙරෙත්වයි කීය.


මෙසේ ඔහු රජු සමඟ කථාකරද්දී අමශියා ඔහුට කථාකොට: නුඹ රජුගේ මන්ත්‍රියෙකු කොට පත්කෙළෙමුද? නිකම් සිටින්න; නුඹ මරනු ලබන්නේ කුමටදැයි කීවේය. එවිට ප්‍රොපේත තෙම නැවතී: නුඹ මාගේ දැනමිතිකම නොඅසා මේක කළ බැවින් දෙවියන්වහන්සේ නුඹ විනාශකරන්ට නියමකරගත් බව මට පෙනේයයි කීවේය.


දාවිත් තමාගේ සිතින් කල්පනාකොට: යම් දවසක සාවුල් අතින් මට මරණය පැමිණෙන්නේය. පිලිස්තිවරුන්ගේ දේශයට ගැළවීයාම මිස වෙන හොඳ විධියක් මට නැත; සාවුල්ද මුළු ඉශ්‍රායෙල් සීමාව තුළේ තවත් මා සෙවීමෙන් මත්තට වලකිනවා ඇත. මෙසේ ඔහුගේ අතින් ගැළවෙන්ට මට පුළුවන්වේයයි කීවේය.


ඔවුන් නියම දවස් ගතකොට හැරී එද්දී, යේසුස් නම් ළමයා යෙරුසලමෙහි නැවතී සිටිසේක; නුමුත් උන්වහන්සේගේ මවුපියෝ ඒ බව නොදැන,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්