Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 25:10 - Sinhala Revised Old Version

10 එකල අමශියා එප්‍රායිම්හි සිට තමා වෙතට ආ හමුදාව ස්වකීය ස්ථානයට යන පිණිස වෙන්කෙළේය. ඒ නිසා ඔවුන්ගේ කෝපය යූදා කෙරෙහි බොහෝසෙයින් ඇවිළ, ඔව්හු තද කෝපයෙන් තමුන්ගේ ස්ථානයට හැරී ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එකල අමශියා එප්‍රායිම්හි සිට තමා වෙත පැමිණි හමුදාව ස්වකීය ස්ථානයට යන පිණිස වෙන් කෙළේ ය. ඒ නිසා ඔවුන්ගේ කෝපය ජුදා කෙරෙහි බොහෝ සෙයින් ඇවිළී, ඔව්හු තද කෝපයෙන් තමන්ගේ ස්ථානයට හැරී ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එකල අමශියා එප්‍රායිම්හි සිට තමා වෙත පැමිණි හමුදාව ස්වකීය ස්ථානයට යන පිණිස වෙන් කෙළේ ය. ඒ නිසා ඔවුන්ගේ කෝපය ජුදා කෙරෙහි බොහෝ සෙයින් ඇවිළී, ඔව්හු තද කෝපයෙන් තමන්ගේ ස්ථානයට හැරී ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 25:10
5 හුවමාරු යොමු  

තරහකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; කෝපවෙන මනුෂ්‍යයෙක්ද බොහෝ වරද කරන්නේය.


නුඹලා නොයන්න, ඉශ්‍රායෙල් පුත්‍රයන් වන නුඹලාගේ සහෝදරයන්ට විරුද්ධව යුද්ධ නොකරන්න. එක් එක්කෙනා තම තමාගේ ගෙදරට හැරී යන්න. මක්නිසාද මේ කාරණය පැමුණුණේ මාගෙන්ය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය. මෙසේ ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දී ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස හැරී ගියෝය.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ යූදා මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජුගෙන් දස කොටසක් අපට තිබේ, දාවිත්ගෙනුත් නුඹලාට වඩා අයිතිකම අපට ඇත්තේය. නුඹලා අප සුළුකොට සිතුවේ මක්නිසාද? රජු නැවත ගෙනෙන්ට පළමුකොට කථාකළේ අප නොවේදැයි කීවෝය. නුමුත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ වචනවලට වඩා යූදා මනුෂ්‍යයන්ගේ වචන සැරව තිබුණේය.


අමශියාද: එසේ නම් මා ඉශ්‍රායෙල් සේනාවට දුන් තලෙන්ත සියය ගැන අපි මක්කරමුදැයි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගෙන් ඇසුවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාද: ඊට වඩා ඔබට දෙන්ට ස්වාමීන්වහන්සේට පුළුවනැයි කීවේය.


ඉක්බිති අමශියා ධෛර්ය උපදවා, තමාගේ සෙනඟ කැඳවාගෙන ලුණු මිටියාවතට පැමිණ සෙයිර් පුත්‍රයන්ගෙන් දසදහසක් මැරීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්