Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 24:23 - Sinhala Revised Old Version

23 ඊළඟ අවුරුද්දෙහි සිරියවරුන්ගේ සේනාව ඔහුට විරුද්ධව ආවෝය. ඔව්හු යූදාටත් යෙරුසලමටත් පැමිණ, සෙනඟ අතරෙන් සෙනඟගේ සියලු අධිපතීන් නැතිකරදමා, ඔවුන්ගෙන් ගත් මුළු කොල්ලය දමස්කයේ රජුට ඇරියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඊළඟ අවුරුද්දෙහි සිරියන්වරුන්ගේ සේනාව ජෝවාෂ්ට විරුද්ධ ව පැමිණියේ ය. ඔව්හු ජුදා දේශයටත්, ජෙරුසලමටත් පැමිණ, සෙනඟ අතරෙන් සෙනඟගේ සියලු අධිපතීන් නැතිකර දමා, ඔවුන්ගෙන් ගත් මුළු කොල්ලය දමස්කයේ රජුට යැවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඊළඟ අවුරුද්දෙහි සිරියන්වරුන්ගේ සේනාව ජෝවාෂ්ට විරුද්ධ ව පැමිණියේ ය. ඔව්හු ජුදා දේශයටත්, ජෙරුසලමටත් පැමිණ, සෙනඟ අතරෙන් සෙනඟගේ සියලු අධිපතීන් නැතිකර දමා, ඔවුන්ගෙන් ගත් මුළු කොල්ලය දමස්කයේ රජුට යැවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 24:23
9 හුවමාරු යොමු  

ඊට පසු අවුරුද්දේ බෙන්-හදද් සිරියවරුන් රැස්කොට ඉශ්‍රායෙල්ට විරුද්ධව සටනට අපෙක්ට ගියේය.


ප්‍රොපේත තෙමේ ඉශ්‍රායෙල් රජු ළඟට ඇවිත්: එන අවුරුද්දේ සිරියේ රජ ඔබට විරුද්ධව එනවා ඇත, ඉන්නිසා ඔබ ශක්තිමත්වී කුමක් කටයුතුද කියා කල්පනාකර බැලුව මැනවැයි කීවේය.


ඔවුන්ගේ පය ලිස්සන කල්හි, පිළිගැනීමද ප්‍රතිඵල දීමද මට අයිතිය. මක්නිසාද ඔවුන්ගේ විපත්ති දවස ළඟය, ඔවුන්ට සූදානම්කර තිබෙන දේද ඉක්මන් වන්නේය.


දමස්කයෙහි සිරියවරු ශෝබාහි රජවූ හදද්එසෙර්ට උපකාරකරන්ට ආවෝය, එවිට දාවිත් සිරියන්වරුන්ගෙන් මනුෂ්‍යයන් විසිදෙදාහකට පහර දී,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්