Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 23:7 - Sinhala Revised Old Version

7 ලෙවීවරුද එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිටිත්වා; ගෘහයට ඇතුල්වෙන කවුරු නුමුත් මරනු ලබාවා. රජු ඇතුල්වන කල්හිද පිටත යන කල්හිද නුඹලා ඔහු සමඟ සිටින්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ලෙවීවරුන් එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිටිය යුතු ය. දේව මාලිගාවට ඇතුළු වන කවුරුන් නමුත් මරනු ලැබිය යුතු ය. රජු ඇතුළු වන කල්හි ද පිටත යන කල්හි ද ඔබ හැම ඔහු සමඟ සිටින්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ලෙවීවරුන් එක් එක්කෙනා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිටිය යුතු ය. දේව මාලිගාවට ඇතුළු වන කවුරුන් නමුත් මරනු ලැබිය යුතු ය. රජු ඇතුළු වන කල්හි ද පිටත යන කල්හි ද ඔබ හැම ඔහු සමඟ සිටින්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 23:7
7 හුවමාරු යොමු  

නැගෙනහිර පැත්තෙහි මණ්ඩපයට ඉස්සරහපිටින් නැගෙන ඉරට සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට කඳවුරු බැඳගන්නෝනම් මෝසෙස් හා ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද වෙත්. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙනුවට ශුද්ධස්ථානයේ සේවය භාරගන්නෝය; ළංවන්නාවූ අන්‍යයා මරනු ලබන්නේය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් තමුන්ගේ පූජක තනතුර පවත්වන පිණිස ඔවුන් පත්කරන්න. ළංවෙන අන්‍යයා මරනු ලැබිය යුතුයයි කීසේක.


නුමුත් මනුෂ්‍යයෙක් අදහස්කරලාම තම අසල්වාසියා කරා අවුත් ඔහු ප්‍රයෝගයෙන් මැරුවොත් ඔහු මරනු ලබන පිණිස මාගේ පූජාසනය වෙතින් වුවත් ඔහු අහක්කර ගන්න.


නුමුත් පූජකයන්ද ලෙවීවරුන්ගෙන් සේවයකරන්නන්ද හැර වෙන කිසිවෙක් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල් නොවේවා; ඔව්හු විශුද්ධව සිටින නිසා ඇතුල්වෙත්වා. නුමුත් මුළු සෙනඟ ස්වාමීන්වහන්සේගේ නියමය පවත්වාවා.


ලෙවීවරුද සියලු යූදාවරුද යෙහෝයාදා පූජකයා විසින් අණකළ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන සබත් දවසේදී ඇතුල්වෙන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝය; මක්නිසාද යෙහෝයාදා පූජක තෙම රැකවල් පංක්ති නිදහස්කර නොහැරියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්