Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 23:16 - Sinhala Revised Old Version

16 ස්වාමීන්වහන්සේගේ සෙනඟව සිටින ලෙස යෙහෝයාදා තමා සහ මුළු සෙනඟත් රජුත් අතරේ ගිවිසුමක් කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 සමිඳාණන් වහන්සේගේ සෙනඟ වී සිටින ලෙස ජෙහෝයාදා තමා සහ මුළු සෙනඟත්, රජුත් අතරේ ගිවිසුමක් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 සමිඳාණන් වහන්සේගේ සෙනඟ වී සිටින ලෙස ජෙහෝයාදා තමා සහ මුළු සෙනඟත්, රජුත් අතරේ ගිවිසුමක් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 23:16
15 හුවමාරු යොමු  

මේ සියල්ල තිබෙද්දීත් අපි ස්ථීරවූ ගිවිසුමක් කර, ඒක ලියා තබමුව; අපේ අධිපතීහුද අපේ ලෙවීවරුද අපේ පූජකයෝද ඒක මුද්‍රාකෙරෙතියි කීවෝය.


ඉතින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ තද උදහස අප කෙරෙන් පහව යන පිණිස උන්වහන්සේ සමඟ ගිවිසුමක් කරන්ට මාගේ සිතේ තිබේ.


යෙහෝයාදා තෙමේ ස්වාමීන්වහන්සේගේ සෙනඟව සිටින හැටියට ස්වාමීන්වහන්සේ සහ රජුද සෙනඟද අතරේ ගිවිසුමක් කෙරෙවුවේය. එසේම රජුද සෙනඟද අතරෙත් කෙරෙවුවේය.


එක්කෙනෙක්: මම ස්වාමීන්වහන්සේගේ යයි කියනවා ඇත; තවත් කෙනෙක් යාකොබ් යන නාමය තබාගන්නවා ඇත; තවත් කෙනෙක්ද තමා ස්වාමීන්වහන්සේට අයිතියයි තමාගේ අතෙහි ලියා තබා, ඉශ්‍රායෙල් යන දෙවෙනි නාමයක් පවරාගන්නවා ඇත.


ඒ නිසා ඒ සියලු භාර්යාවන්ද ඔවුන්ගෙන් උපන් දරුවන්ද පහකරන ලෙස මාගේ ස්වාමිහුගේද අපේ දෙවියන්වහන්සේගේ ආඥාවට වෙවුලන්නන්ගේද දැනමුතුකමේ හැටියට අපේ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් කරමු; ව්‍යවස්ථාව ලෙසද කරනු ලැබේවා. නැගිටින්න;


ඔව්හු මහත් හඬද ඝෝෂාවද හොරණෑවලත් නළාවලත් ශබ්දයද ඇතුව ස්වාමීන්වහන්සේට දිවුරුම් දුන්නෝය.


තවද ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද සොයන්ටත්,


සියලු යූදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීතිවූහ. මක්නිසාද ඔව්හු තමුන්ගේ මුළු සිතින් දිවුරා, තමුන්ගේ මුළු කැමැත්තෙන් උන්වහන්සේ සෙවුවෝය; ස්වාමීන්වහන්සේද ඔවුන්ට සම්බව හාත්පසින්ම ඔවුන්ට විශ්‍රාමය දුන්සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්