Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 23:14 - Sinhala Revised Old Version

14 එවිට යෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන්වූ ශතාධිපතීන් පිටතට ගෙනවුත් ඔවුන්ට කථාකොට: ඇය පේළි අතරෙන් පිටතට ගෙනයන්න; ඈ පස්සේ යමෙක් ආවොත් ඔහු කඩුවෙන් මරන්නැයි අණකෙළේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී ඈ මරනු නොලබාවයි පූජකයා කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එවිට ජෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන් වන ශතාධිපතීන් පිටතට ගෙනවුත්, ඔවුන්ට කතා කොට, “ඇය පේළි අතරෙන් පිටතට ගෙන එන්න. ඈ පස්සේ යමෙකු ආවොත් ඔහු කඩුවෙන් මරන්නැ”යි අණ කෙළේ ය. “දේව මාලිගාවෙහි දී ඈ මරනු නොලබාවා”යි පූජකයා කියා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එවිට ජෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන් වන ශතාධිපතීන් පිටතට ගෙනවුත්, ඔවුන්ට කතා කොට, “ඇය පේළි අතරෙන් පිටතට ගෙන එන්න. ඈ පස්සේ යමෙකු ආවොත් ඔහු කඩුවෙන් මරන්නැ”යි අණ කෙළේ ය. “දේව මාලිගාවෙහි දී ඈ මරනු නොලබාවා”යි පූජකයා කියා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 23:14
7 හුවමාරු යොමු  

නුඹලා ගෘහය අපවිත්‍රකරමින්, මැරුම්කෑවුන්ගෙන් මිදුල් පුරවා, පිටත යන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු පිටත ගොස් නුවර ඇතුළෙහි පහරදුන්නෝය.


එවිට යෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන්වූ ශතාධිපතීන්ට කථාකොට: ඈ පංක්ති අතරෙන් පිටතට ගෙනයන්න; ඈ පස්සේ යමෙක් ආවොත් ඔහු කඩුවෙන් මරන්නැයි අණකෙළේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී ඈ මරනු නොලබාවයි පූජකයා කීවේය.


නුඹලා එක එකා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිට පංක්ති ඇතුළට එන තැනැත්තා මරන්ට ඕනෑය. රජ යන එන විට නුඹලා ඔහු සමඟ සිටින්නය කියා ඔවුන්ට අණකෙළේය.


තවද යේහු දවන පූජාව පුදා නිමකළ කෙණෙහිම ඔහු මුරකාරයන්ටත් ඔවුන්ගේ මුලාදෑනීන්ටත් කථාකොට: ඇතුළට ගොස් කාටවත් පිටතට එන්ට නෑර ඔවුන් මරන්නැයි කීවේය. එසේ මුරකාරයෝද මුලාදෑනිහුද කඩුමුවහතින් ඔවුන් මරා පිටතට දමා, බාල්ගේ ගෙයි මළුව දක්වාත් ගියෝය.


නුමුත් මනුෂ්‍යයෙක් අදහස්කරලාම තම අසල්වාසියා කරා අවුත් ඔහු ප්‍රයෝගයෙන් මැරුවොත් ඔහු මරනු ලබන පිණිස මාගේ පූජාසනය වෙතින් වුවත් ඔහු අහක්කර ගන්න.


ඈ බැලූ විට ඇතුල්වෙන තැන රජ තමාගේ මංචකය උඩ සිටිනවා සහ රජු ළඟ අධිපතීන්ද නළාකාරයන්ද සිටිනවාත්, දේශයේ මුළු සෙනඟ ප්‍රීතිමත්ව හොරණෑ, පිඹිනවාත්, ගීකියන්නන්ද තූර්ය භාණ්ඩවලින් ගායනා කරන්නන්ද ප්‍රශංසා ගී කියනවාත් දැක ඇගේ ඇඳුම් ඉරාගෙන: ද්‍රෝහිකමය, ද්‍රෝහිකමයයි කීවාය.


ඈට දෙපසින් ඉඩඇරිය විට ඈ රජගෙදරට අශ්ව දොරටුවෙන් ගියාය. එහිදී ඔව්හු ඈ මැරුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්