Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 22:2 - Sinhala Revised Old Version

2 අහසියා හතළිස් දෑවුරුදු වයසේදී රජවී, අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතලියාය, ඈ ඔම්රීගේ දුවෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 අහසියා හතළිස්දෑවුරුදු වයසේ දී රජ වී අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඈ ඔම්රීගේ මිණිබිරියකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 අහසියා හතළිස්දෑවුරුදු වයසේ දී රජ වී අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඈ ඔම්රීගේ මිණිබිරියකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 22:2
6 හුවමාරු යොමු  

ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසුරුණේය. මක්නිසාද ඔහු ආහබ්ගේ දුවෙක් සරණපාවාගත්තේය. මෙසේ ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.


අහසියා විසි දෑවුරුදු වයසේදී රජවී යෙරුසලමේ අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතාලියාය, ඈ ඉශ්‍රායෙල් රජවූ ඔම්රීගේ දුවෙක්ය.


ඔම්රී තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආහබ් ඔහු වෙනුවට රජවුණේය.


යෙරුසලමේ වැසියෝ ඔහුගේ බාල පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය. මක්නිසාද අරාබිවරුන් සමඟ කඳවුරට ආ හමුදාව සියලු වැඩිමහල් පුත්‍රයන් මැරුවෝය. එබැවින් යූදාහි රජවූ යෙහෝරාම්ගේ පුත් අහසියා රජකම්කෙළේය.


ඔහුද ආහබ්ගේ වංශයේ මාර්ගවල හැසුරුණේය. මක්නිසාද දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුගේ මන්ත්‍රණකාරී වූවාය.


ආහබ්ගේ වංශය කළාක්මෙන් ඔහු ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසුරුණේය. මක්නිසාද ඔහු ආහබ්ගේ දුව සරණපාවාගෙන ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්