Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 22:10 - Sinhala Revised Old Version

10 එකල අහසියාගේ මවුවූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු යූදා රාජවංශය නැතිකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එකල අහසියාගේ මව වූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක, නැඟිට මුළු ජුදා රාජ වංශය නැති කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එකල අහසියාගේ මව වූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක, නැඟිට මුළු ජුදා රාජ වංශය නැති කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 22:10
6 හුවමාරු යොමු  

නුමුත් රජුගේ දූවූ යෙහෝෂබත් මරනු ලැබූ රාජ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත්‍රවූ යෝවාෂ් හොරෙන් හැරගෙන ගොස්, ඔහුද ඔහුගේ කිරි මවද යහන් තුබූ ගබඩාවෙහි සඟවා තැබුවාය. මෙසේ යෙහෝරාම් රජුගේ දූවූ, යෙහෝයාදා පූජකයාගේ භාර්යාවවූ, අහසියාගේ සහෝදරීවූ යෙහෝෂබත් අතලියා විසින් ඔහු නොමරන ලෙස ඈ කෙරෙන් ඔහු සැඟෙවුවාය.


ඈට දෙපසින් ඉඩඇරිය විට ඈ රජගෙදරට අශ්ව දොරටුවෙන් ගියාය. එහිදී ඔව්හු ඈ මැරුවෝය.


එබැවින් නුඹේ ජීවිතයත් නුඹේ පුත්‍රවූ සාලමොන්ගේ ජීවිතයත් නුඹ විසින් ආරක්ෂාකරගන්න පිණිස නුඹට දැනමුතුකමක් දෙන්ට මට අවසර ලැබේවා.


එසේ නොකළොත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමන්ගේ පියවරුන් සමඟ සැතපුණාම මාද මාගේ පුත්‍රවූ සාලමොන්ද වරදකාරයන් වෙනවා ඇතැයි ඔහුට කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්