Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 21:6 - Sinhala Revised Old Version

6 ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසුරුණේය. මක්නිසාද ඔහු ආහබ්ගේ දුවෙක් සරණපාවාගත්තේය. මෙසේ ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ආහබ්ගේ වංශය කළ පරිදි ඔහු ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, ඔහු ආහබ්ගේ දුවක සරණ පාවා ගත්තේ ය. මෙසේ ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ආහබ්ගේ වංශය කළ පරිදි ඔහු ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, ඔහු ආහබ්ගේ දුවක සරණ පාවා ගත්තේ ය. මෙසේ ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 21:6
9 හුවමාරු යොමු  

තවද යෙහෝෂාපාට්ට බොහෝසෙයින් වස්තුවද ගෞරවයද තිබුණේය; ඔහු ආහබ් සමඟ නෑකම් බැඳගත්තේය.


ආහබ්ගේ වංශය කළාක්මෙන් ඔහු ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසුරුණේය. මක්නිසාද ඔහු ආහබ්ගේ දුව සරණපාවාගෙන ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.


අහසියා හතළිස් දෑවුරුදු වයසේදී රජවී, අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අතලියාය, ඈ ඔම්රීගේ දුවෙක්ය.


ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, ආහබ්ගේ වංශය කළාක් මෙන් යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද වේශ්‍යාකමට පමුණුවා, නුඹේ පියාගේ වංශය වන නුඹට වඩා යහපත්වූ නුඹේ සහෝදරයන් මැරූ බැවින්,


මින්පසු යූදාහි රජවූ යෙහෝෂාපාට් ඉතා දුර්ජන ලෙස හැසුරුණු ඉශ්‍රායෙල් රජවූ අහසියාට එකතුවුණේය.


ඔහු තමාගේ පියවූ දාවිත් කළාක් මෙන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ නොකොට, ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගවල හැසිරෙමින්, බාල් දේවතාවුන්ට වාත්තු පිළිමද සෑදුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්