Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 20:5 - Sinhala Revised Old Version

5 එවිට යෙහෝෂාපාට් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි අලුත් මළුව ඉදිරිපිට යූදා සහ යෙරුසලමේ සිට රැස්වූ සභාව මැද සිට කියනුයේ:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එවිට ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අලුත් මළුව ඉදිරිපිට, ජුදා දේශයේ සහ ජෙරුසලමේ සිට රැස් වූ සභාව මැද සිට මෙසේ කීවේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එවිට ජෙහෝෂාපාට් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අලුත් මළුව ඉදිරිපිට, ජුදා දේශයේ සහ ජෙරුසලමේ සිට රැස් වූ සභාව මැද සිට මෙසේ කීවේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 20:5
7 හුවමාරු යොමු  

ඔබගේ සෙනඟ තමුන්ගේ සතුරන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔබ ඔවුන් යවන කොයි මාර්ගයෙන් වුවත් ගොස්, ඔබ තෝරාගත් නුවරද ඔබගේ නාමයට මා විසින් ගොඩනගනලද ගෘහයද දෙසට හැරී ස්වාමීන්වහන්සේට යාච්ඤාකළොත්,


ස්වාමීන්වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස යූදාවරු රැස්වූවෝය. යූදාහි සියලු නුවරවලින් ඔව්හු ස්වාමීන්වහන්සේ සොයන්ට ආවෝය.


අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ස්වර්ගයෙහි දෙවියන්වහන්සේ නොවනසේක්ද? ජාතීන්ගේ සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකරන්නෙත් ඔබ නොවේද? ඔබගේ අතේ බලය හා පරාක්‍රමය තිබේ, ඔබට විරුද්ධව සිටින්ට පුළුවන් කෙනෙකුත් නැත. අපේ දෙවියන්වහන්ස,


රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියනලද ගිවිසුමේ වචන ඉෂ්ටකිරීමට, ස්වාමීන්වහන්සේ අනුවයන හැටියටත් උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද පවත්වන හැටියටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේය.


ඉක්බිති යෙරෙමියා අනාගතවාක්‍ය කියන්ට ස්වාමීන්වහන්සේ විසින් ඔහු යැවූ තෝපෙත්හි සිට ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේ සිට මුළු සෙනඟට කථාකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්