Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 20:33 - Sinhala Revised Old Version

33 එසේ වුවත් උස්තැන් අහක්නොකරනලද්දේය; ඒ වන තුරු සෙනඟ තමුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ දෙසට තමුන්ගේ සිත් යොමුකළෙත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 එසේ වුවත්, ගිරිකුළු දේවාල විනාශ නොකරන ලද්දේ ය. ඒ වන තුරු සෙනඟ තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ දෙසට තමන්ගේ සිත් යොමු කෙළේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 එසේ වුවත්, ගිරිකුළු දේවාල විනාශ නොකරන ලද්දේ ය. ඒ වන තුරු සෙනඟ තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ දෙසට තමන්ගේ සිත් යොමු කෙළේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 20:33
11 හුවමාරු යොමු  

ඔහුගේ සිතද ස්වාමීන්වහන්සේගේ මාර්ගවල ධෛර්යවත්වී, නැවත ඔහු යූදා රටින් උස්තැන්ද අෂේරා කණුද පහකෙළේය.


එසේ වුවත් නුඹ අෂේරා කණු දේශයෙන් පහකරදැමීමද, දෙවියන්වහන්සේ සෙවීමට නුඹේ සිත යොමුකිරීමද නම්වූ යහපත් කාරණා නුඹට ඇත්තේයයි කීවේය.


ඔහු ස්වාමීන්වහන්සේ සෙවීමට තමාගේ සිත යොමුනොකර නපුරුකම් කෙළේය.


ශුද්ධස්ථානයේ පවිත්‍රකිරීම ලෙස පිරිසිදු නොවී නුමුත් තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන දෙවියන්වහන්සේ සොයන්ට තමුන්ගේ සිත් යොමුකරගන සිටින සියල්ලන්ට කරුණාවන්තවූ ස්වාමීන්වහන්සේ කමාවනසේක්වයි කීවේය.


මක්නිසාද ඔහු අන්‍ය පූජාසනද උස් තැන්ද පහකොට, රූපස්තම්භ බිඳ, අෂේරා කණු කපාදැමුවේය;


සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් වංශයට කථාකොට: නුඹලාගේ මුළු සිතින් නුඹලා ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්නහු නම්, නුඹලා අතරෙන් අන්‍ය දෙවිවරුන්ද අෂ්ටාරොත්ද පහකර දමා නුඹලාගේ සිත් ස්වාමීන්වහන්සේ දෙසටම යොමුකොට උන්වහන්සේට පමණක් සේවයකරන්න. උන්වහන්සේද පිලිස්තිවරුන්ගේ අතින් නුඹලා ගළවාගන්නවා ඇතැයි කීවේය.


එසේ නුමුත් දැනගැනීමට සිතක්ද දැකීමට ඇස්ද ඇසීමට කන්ද අද දවස දක්වා ස්වාමීන්වහන්සේ නුඹලාට නුදුන්සේක.


ඔහු තමාගේ පියවූ ආසාගේ මාර්ගයෙහි හැසිරෙමින්, එයින් අහක්නොවී, ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.


නුඹේ ඇස්වලින් දුටුවාවූ මහත් පරීක්ෂණද ලකුණුද ඒ මහත්වූ පුදුමද නුඹලා දුටුවහුය.


නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් උස්තැන් පහකරනු නොලැබුවේය. එසේ වුවත් ආසාගේ සිත ඔහුගේ සියලු දවස්වලදී සම්පූර්ණව තිබුණේය.


එහෙත් සෙනඟ ඊට පසුත් උස්තැන්වල පූජාකළෝය, නුමුත් එසේ කෙළේ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පමණක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්