Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 20:29 - Sinhala Revised Old Version

29 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ සතුරන්ට විරුද්ධව සටන්කළ බව දේශවල සියලු රාජ්‍යයන් ඇසූ විට ඔවුන් පිටට දෙවියන්වහන්සේගෙන් භීතියක් පැමිණියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කළ බව දේශ දේශාන්තරවල රාජ්‍යයන් ඇසූ විට, ඔව්හු දෙවියන් වහන්සේ ගැන භීතියට පත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කළ බව දේශ දේශාන්තරවල රාජ්‍යයන් ඇසූ විට, ඔව්හු දෙවියන් වහන්සේ ගැන භීතියට පත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 20:29
14 හුවමාරු යොමු  

යූදා අවට දේශවල සියලු රාජ්‍යයන් පිටට ස්වාමීන්වහන්සේගෙන් භීතියක් පැමුණුණ නිසා ඔව්හු යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධ නොකළෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ රථ ඝෝෂාවක්ද අශ්ව ඝෝෂාවක්ද යන මහත් සේනාවක ඝෝෂාවක් සිරියවරුන්ගේ සේනාවට ඇසෙන්ට සැලැස්වූසේක. ඔව්හු එකිනෙකාට කථාකොට: ඉශ්‍රායෙල් රජ හිත්තීවරුන්ගේද මිසරවරුන්ගේද රජුන් අපිට විරුද්ධව කුලියට ගෙන්වාගත්තේය කියා,


ගෙරාර් අවට සියලු නුවරවලට ඔව්හු පහරදුන්නෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් ඔවුන් පිටට භීතියක් පැමුණුණේය. ඔව්හු ඒ සියලු නුවරවල් කොල්ලකෑවෝය; ඒවායේ බොහෝ කොල්ලය තිබුණේය.


මාගේ භයංකරකම නුඹට පෙරටුව යවා නුඹ පැමිණෙන තැන්වල මුළු සෙනඟ වියවුල්කොට නුඹේ සියලු සතුරන් නුඹට පිටුපාන්ට සලස්වන්නෙමි.


ඔව්හු ගමන්කළෝය. ඔවුන් අවට තිබුණු නුවරවල් කෙරෙහි මහත් භයක් පැමුණුණු බැවින් ඔව්හු යාකොබ්ගේ පුත්‍රයන් ලුහු නොබැන්දෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් මෙතර වෙන තුරු ස්වාමීන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් යොර්දානේ ජලය හින්දවා දැමූ බව යොර්දානට මෙතර බස්නාහිරදිග සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන්ද මුහුද ළඟ සිටි කානානිවරුන්ගේ සියලු රජවරුන්ද ඇසූ කල ඔවුන්ගේ සිත් දියව ගියේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තවත් ඔවුන් තුළ ධෛර්යයක් නොවීය.


ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය.


ඔව්හු වීණාද මහ වීණාද හොරණෑද ඇතුව යෙරුසලමට ස්වාමීන්වහන්සේගේ ගෘහයට ආවෝය.


ඔබ ස්වර්ගයෙන් නඩුතීන්දුව ඇසෙන්ට සැලැස්වූසේක; පොළොවේ සියලු යටහතුන් ගළවන පිණිස


උන්වහන්සේ ඔවුන්ගේ චක්‍රරෝද ගැළෙවූසේක, ඔව්හු ඒවා අමාරුවෙන් දැක්කුවෝය. එබැවින් මිසරවරු කථාකොට: අපි ඉශ්‍රායෙල් කෙරෙන් පලායමු; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව සටන්කරනසේකැයි කීවෝය.


ආසාද ඔහු සමඟ සිටි සෙනඟද ගෙරාර් දක්වා ඔවුන් ලුහුබැන්දෝය. කූෂ්වරුන්ගෙන් කිසිවෙක් ජීවත්ව ඉතුරු නොවෙන ලෙස ඔව්හු වැටුණෝය; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ සේනාවද ඉදිරියෙන් විනාශකරනු ලැබුවෝය; ඔව්හු ඉතා මහත් කොල්ලයක්ද අරගෙන ආවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්