Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 20:24 - Sinhala Revised Old Version

24 යූදාවරු වනාහි කාන්තාරයේ මුරකොටුව උඩට ඇවිත් ඒ සමූහයා දෙස බැලූ විට, ඔවුන් මළකඳන්ව බිම වැටී ඉන්නවා දුටුවෝය, ගැළවුණාවූ කිසිවෙක්ද නොසිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ජුදාවරු වනාහි පාළුකරයේ මුරකොටුව උඩට අවුත් ඒ සමූහයා දෙස බැලූ විට, ඔවුන් මළකඳන් ව බිම වැටී සිටිනු දුටුවෝ ය. ගැළවී ගිය කිසිවෙක් ද නොසිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ජුදාවරු වනාහි පාළුකරයේ මුරකොටුව උඩට අවුත් ඒ සමූහයා දෙස බැලූ විට, ඔවුන් මළකඳන් ව බිම වැටී සිටිනු දුටුවෝ ය. ගැළවී ගිය කිසිවෙක් ද නොසිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 20:24
10 හුවමාරු යොමු  

කල්දිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔව්හු එති, නුමුත් ඒ වනාහි මාගේ උදහසින්ද කෝපයෙන්ද මා විසින් මැරුවාවූ, තමුන්ගේ සියලු නපුරුකම් නිසා මේ නුවරින් මාගේ මුහුණ සඟවාගන්ට මට සැලැස්සුවාවූ මනුෂ්‍යයන්ගේ මළකඳන්වලින් ඒවා පිරවීමටය.


ඒ රාත්‍රියේදී ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණු විට, බලව, ඒ සියල්ලෝ මළකඳන් වූය.


උන්වහන්සේ ජාතීන් අතරෙහි විනිශ්චයකරනසේක, මළකඳන්වලින් දේශයන් පුරවමින්, බොහෝ රටවල අධිපතීන් ගසාහෙළනසේක.


අපි නැවත ඔබගේ ආඥා කඩකර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ නෑකම් බඳිමුද? එසේ කළොත්, එක්කෙනෙක්වත් ගැළවී ඉතුරු නොවෙන ලෙස අප නැතිකර දමන තුරු ඔබ අප කෙරෙහි උදහස් නොවනසේක්ද?


යුද්ධය දෙවියන්වහන්සේ කෙරෙන් වූ නිසා බොහෝ දෙනෙක්ම මැරුම්කා වැටුණෝය. වාල්කමට ගෙනයාම දක්වා ඔව්හු මොවුන්ගේ ඉඩමෙහි වාසයකළෝය.


මෙසේ ස්වාමීන්වහන්සේ ඒ දවසෙහි මිසරවරුන් අතින් ඉශ්‍රායෙල්වරුන් ගැළවූසේක; මිසරවරුන් මුහුදු වෙරළේ මැරී සිටිනවා ඉශ්‍රායෙල්වරු දුටුවෝය.


මක්නිසාද අම්මොන් සහ මෝවබ් පුත්‍රයන් සෙයිර් කඳුකරයේ වැසියන් සිඳදමා විනාශකරන පිණිස ඔවුන්ට විරුද්ධව නැගිට්ටෝය. සෙයිර් වැසියන් මුළුමනින්ම නැතිකළායින් පසු ඔව්හු එකෙක් අනිකෙකු විනාශකරන්ට උපකාරවූහ.


යෙහෝෂාපාට්ද ඔහුගේ සෙනඟද ඔවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල වස්තුවද මළකඳන්ද අනර්ඝ බඩුද ඔවුන්ට සම්බවුණේය; ගෙනයන්ට බැරි තරමට ඔව්හු ඒවා ගළවාගත්තෝය. කොල්ලය අධික බැවින් ඔවුන් තුන් දවසක් ඒවා එකතුකරමින් සිටියෝය.


ජලය හැරී ඇවිත් රථද අසුරුවන්ද එසේය, ඔවුන් පස්සේ මුහුදට ගියාවූ ඵාරාවෝගේ මුළු සේනාව වසාගත්තාය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවීය.


ඒ රාත්‍රියේ ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන් දහසකට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණ විට, බලව, ඒ සියල්ලන් මැරිලාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්