Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 20:23 - Sinhala Revised Old Version

23 මක්නිසාද අම්මොන් සහ මෝවබ් පුත්‍රයන් සෙයිර් කඳුකරයේ වැසියන් සිඳදමා විනාශකරන පිණිස ඔවුන්ට විරුද්ධව නැගිට්ටෝය. සෙයිර් වැසියන් මුළුමනින්ම නැතිකළායින් පසු ඔව්හු එකෙක් අනිකෙකු විනාශකරන්ට උපකාරවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 මන්ද, අම්මොන්වරු සහ මෝවබ්වරු සේයිර් කඳුකරයේ වැසියන් නසා වනසන පිණිස ඔවුන්ට විරුද්ධ ව සටනට ගියහ. සේයිර් වැසියන් මුළුමනින් ම නැති කළ පසු ඔව්හු එකෙකු අනිකෙකු විනාශ කරන්න උපකාර වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 මන්ද, අම්මොන්වරු සහ මෝවබ්වරු සේයිර් කඳුකරයේ වැසියන් නසා වනසන පිණිස ඔවුන්ට විරුද්ධ ව සටනට ගියහ. සේයිර් වැසියන් මුළුමනින් ම නැති කළ පසු ඔව්හු එකෙකු අනිකෙකු විනාශ කරන්න උපකාර වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 20:23
12 හුවමාරු යොමු  

එවිට සාවුල්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද එකට රැස්ව යුද්ධයට පැමිණියෝය. එවිට එක එක මනුෂ්‍යයාගේ කඩුව තම තමා ළඟ සිටි තැනැත්තාට විරුද්ධව තිබී, ඉතා මහත් විසිරීමක් හටගෙන තිබෙන බව ඔව්හු දුටුවෝය.


ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝය, ස්වාමීන්වහන්සේ එක එක මනුෂ්‍යයාගේ කඩුව එකිනෙකාටත් මුළු සේනාවටත් විරුද්ධව හැරෙවුසේක. සේනාවද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වාද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වාද පලාගියෝය.


ඊසාක්ට යාකොබ්ද ඒසව්ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරයද උරුමයක් කොට දුනිමි; යාකොබ්ද ඔහුගේ පුත්‍රයෝද මිසරයට ගියෝය.


ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න; මක්නිසාද සේයිර් කඳුකරය උරුමයක් කොට ඒසව්ට මා විසින් දී තිබෙන බැවින් ඔවුන්ගේ දේශයෙන් පියවරක් පමණවත් නුඹලාට නොදෙන්නෙමි.


කාන්තාරයට ළංවූ ඒල්-පාරාන් දක්වා සේයිර් නම්වූ ස්වකීය කඳුකරයෙහි සිටිය හෝරිවරුන්ටත් පහරදුන්නෝය.


යූදාවරු වනාහි කාන්තාරයේ මුරකොටුව උඩට ඇවිත් ඒ සමූහයා දෙස බැලූ විට, ඔවුන් මළකඳන්ව බිම වැටී ඉන්නවා දුටුවෝය, ගැළවුණාවූ කිසිවෙක්ද නොසිටියේය.


ඔහුගේ කාලයේදී ඒදොම්වරු කැරළිගසා යූදාවරුන් යටතෙන් අහක්ව, තමුන් කෙරෙහි රජෙකු පත්කරගත්තෝය.


එකිනෙකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ යහළුවාටත් විරුද්ධවද නුවරක් නුවරකටත් රාජ්‍යයක් රාජ්‍යයකටත් විරුද්ධවද යුද්ධකරන ලෙස මම මිසරය මිසරයටම විරුද්ධව පොළඹවන්නෙමි.


මාගේ සියලු කඳු පිට ඔහුට විරුද්ධව පැමිණෙන්ට කඩුවට අඬගසන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එක එක මනුෂ්‍යයාගේ කඩුව ඔහුගේ සහෝදරයාට විරුද්ධව වන්නේය.


මම රාජ්‍යවල සිංහාසනය පෙරළාදමා, ජාතීන්ගේ රාජ්‍යවල බලය නැතිකොට, රථ සහ එහි නැගීයන්නන්ද පෙරළාදමන්නෙමි; අශ්වයෝද උන් පිට නැගී යන්නෝද එකිනෙකාගේ කඩුවෙන් වැටෙන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්