Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 20:14 - Sinhala Revised Old Version

14 එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය සභාව මැද සිටි ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ලෙවීය මත්තනියාගේ පුත්‍රවූ යෙයියෙල්ගේ පුත්‍රයා වන බෙනායාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන යහසීයෙල් කෙරෙහි පහළ වූයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සභාව මැද සිටි ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන ලෙවීය මත්තනියාගේ පුත් ජෙයීයෙල්ගේ පුත්‍රයා වන බෙනායාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන ජහසියෙල් මත පහළ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය සභාව මැද සිටි ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වන ලෙවීය මත්තනියාගේ පුත් ජෙයීයෙල්ගේ පුත්‍රයා වන බෙනායාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන ජහසියෙල් මත පහළ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 20:14
11 හුවමාරු යොමු  

තවද දෙවියන්වහන්සේගේ ආත්මය ඕදෙද්ගේ පුත්‍රවූ අසරියා කෙරෙහි පැමිණියේය.


දෙවියන්වහන්සේගේ ආත්මය යෙහෝයාදා පූජකයාගේ පුත්‍රවූ ශෙකරියා කෙරෙහි පැමිණියේය; ඔහු සෙනඟට ඉහළින් නැගිට සිට ඔවුන්ට කථාකොට: දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-නුඹලා ස්වාමීන්වහන්සේගේ ආඥා කඩකරන්නේ මක්නිසාද? නුඹලාට සඵලයක් නොවන්නේය. නුඹලා ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසා උන්වහන්සේත් නුඹලා අත්හැරියසේකැයි කීවේය.


කොර්නේලියස්, නුඹේ යාච්ඤාව අසනලද්දේය, නුඹේ දානද දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිහිකරන ලද්දේය.


ඔහු දෙස ඇස් යොමා බලා, භයපත්ව: ස්වාමිනි, කිමෙක්දැයි ඇසීය. ඔහු කථාකොට: නුඹේ යාච්ඤාද දානද සිහිවීමක් කොට දෙවියන්වහන්සේ ඉදිරියට පැමුණුණේය.


ඔවුන් යාච්ඤාකරන්ට පළමුවෙන් මම උත්තරදෙන්නෙමි, ඔවුන් කථාකරද්දීම අසන්නෙමි.


එවිට නුඹ යාච්ඤාකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ උත්තරදෙනසේක; නුඹ මොරගසන කල්හි: මම මෙහියයි උන්වහන්සේ කියනසේක. නුඹ වියගහද ඇඟිල්ල දික්කිරීමද දුෂ්ටලෙස කථා කිරීමද නුඹ වෙතින් පහකරන්නෙහි නම්,


බාලාම් තමාගේ ඇස් ඔසවා ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට වාසයකරන බව දුටුවේය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි පැමිණියේය.


බලවන්තයන් තිස්දෙනාගෙන් එක්කෙනෙක්ව තිස්දෙනාගේ ප්‍රධානියාව සිටිය ගිබියෝනිය ඉෂ්මයියාය; යෙරෙමියාය, යහසියෙල්ය, යෝහානාන්ය, ගෙදේරාතිය යොසාබාද්ය;


මුළු යූදා තමුන්ගේ අතදරුවන්ද භාර්යාවන්ද දරුවන්ද සමඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්