Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 2:8 - Sinhala Revised Old Version

8 කිහිරි ලීද දේවදාර ලීද හඳුන් ලීද ලෙබනොන්හි සිට මා වෙත එවුව මැනවි. මක්නිසාද ඔබගේ මෙහෙකරුවන් ලෙබනොන්හි ලී කපන්ට දක්ෂ බව දනිමි; මාගේ මෙහෙකරුවන් ඔබගේ මෙහෙකරුවන් සමඟ සිටිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ලෙබනොන්හි සිට කිහිරි ලී ද දේවදාර ලී ද හඳුන් ලී ද මා වෙත එවුව මැනව. මන්ද, ඔබේ මෙහෙකරුවන් ලෙබනොන්හි ලී කැපීමෙහි දක්ෂ බව මම දනිමි. මාගේ මෙහෙකරුවන් ඔබේ මෙහෙකරුවන් සමඟ වැඩ කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ලෙබනොන්හි සිට කිහිරි ලී ද දේවදාර ලී ද හඳුන් ලී ද මා වෙත එවුව මැනව. මන්ද, ඔබේ මෙහෙකරුවන් ලෙබනොන්හි ලී කැපීමෙහි දක්ෂ බව මම දනිමි. මාගේ මෙහෙකරුවන් ඔබේ මෙහෙකරුවන් සමඟ වැඩ කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 2:8
5 හුවමාරු යොමු  

එබැවින් ලෙබනොන්හි කිහිරි ගස් මට කපා දෙන්ට අණකළ මැනවි; මාගේ වැඩකාරයෝ ඔබගේ වැඩකාරයින් හා සමඟ වන්නෝය; ඔබගේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයටම ඔබට දෙන්නෙමි. මක්නිසාද ශීදොන්වරුන් මෙන් ලී කපන්ට දන්න කෙනෙක් අප අතරේ නැති බව ඔබ දන්නෙහියයි කියා ඇරියේය.


ඕපීර් සිට රන් ගෙනාවාවූ හීරාම්ගේ නැව්වලින් හඳුන් ලී බොහොමයක්ද අනර්ඝ ගල්ද ඕපීරෙන් ගෙනෙන ලද්දේය.


මට ලී බොහෝසෙයින්ම සූදානම්කළ යුතුව තිබේ. මක්නිසාද මා විසින් ගොඩනගන ගෘහය මහත්වූ ආශ්චර්යමත්වූ එකක් වන්නේය.


දාවිත් කථාකොට: මාගේ පුත්‍රවූ සාලමොන් ළාබාලය, ස්වාමීන්වහන්සේට ගොඩනගන්ට තිබෙන ගෘහයේ කීර්තියද තේජසද සියලු රටවලට පතළවී යන හැටියට එය අතිශයින් අලංකාරව තිබෙන්ට ඕනෑය. එබැවින් මම ඒ පිණිස සූදානම්කරන්නෙමියි කීවේය. මෙසේ දාවිත් තමාග් මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්