Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 19:4 - Sinhala Revised Old Version

4 යොහෝෂාපාට් යෙරුසලමෙහි වාසය කෙළේය. ඔහු නැවත බෙයෙර්-ෂෙබා පටන් එප්‍රායිම් කඳුරට දක්වා සෙනඟ අතරට ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට ඔවුන් හරවාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ජෙහෝෂාපාට් ජෙරුසලමෙහි කලක් වාසය කොට, බෙයර්-ෂෙබා පටන් එප්‍රායිම් කඳු රට දක්වා සෙනඟ අතරට ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් නැවත හරවා ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ජෙහෝෂාපාට් ජෙරුසලමෙහි කලක් වාසය කොට, බෙයර්-ෂෙබා පටන් එප්‍රායිම් කඳු රට දක්වා සෙනඟ අතරට ගොස්, ඔවුන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔවුන් නැවත හරවා ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 19:4
12 හුවමාරු යොමු  

ඔහු පියවරුන්ගේ සිත් දරුවන් දෙසටත් අකීකරුවන් ධර්මිෂ්ඨයන්ගේ ඥානයෙහි හැසිරීමටත් හරවන පිණිසද, සූදානම්වූ සෙනඟක් ස්වාමීන්වහන්සේට පිළියෙළ කරන පිණිසද, එලියාගේ ආත්මයෙන්ද බලයෙන්ද උන්වහන්සේට පෙරටුව යන්නේයයි කීවේය.


මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් පියවරුන් වෙතටත් හරවන්නේය.


එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.


තවද ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටිය ඒ දවස්වලදී එප්‍රායිම් කඳු රටේ එහා පැත්තේ එක්තරා ලෙවීයයෙක් වාසයකෙළේය. ඔහු වනාහි යුදයේ බෙත්-ලෙහෙමෙන් උප භාර්යාවක් පාවාගත්තේය,


යෝෂුවා උත්තරදෙමින්: නුඹලා මහත් සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට නුඹලාට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේද රෙඵාවරුන්ගේද රටෙන් කොටසක් එළිකර ගන්නැයි ඔවුන්ට කීවේය.


ආබ්‍රහම් බෙයර්-ෂෙබාහි ඒෂෙල් ගසක් සිටුවා එතැන්හි සදාකාල දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.


ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය.


තලෙන්ත පහ ලැබූ තැනැත්තේ එවලේම ගොස් එයින් වෙළඳාම්කොට තවත් තලෙන්ත පහක් ඉපදවූයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්