Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 18:9 - Sinhala Revised Old Version

9 ඉශ්‍රායෙල් රජද යූදාහි රජවූ යෙහෝෂාපාට්ද රාජවස්ත්‍ර හැඳ තම තමුන්ගේ සිංහාසනවල හිඳගත්තෝය, ඔව්හු සමාරියේ දොරකඩ එළිමහන් තැනක වාඩිවී උන්නෝය; සියලු ප්‍රොපේතවරු ඔවුන් ඉදිරියෙහි අනාගතවාක්‍ය කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාජ වස්ත්‍ර හැඳ තම තමන්ගේ සිංහාසනවල හිඳගත්හ. ඔව්හු සමාරියේ දොරකඩ එළිමහන් තැනක වාඩි වී සිටියහ. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරියෙහි දිවැස් වැකි කියමින් සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඉශ්රායෙල් රජ ද ජුදාහි රජ වන ජෙහෝෂාපාට් ද රාජ වස්ත්‍ර හැඳ තම තමන්ගේ සිංහාසනවල හිඳගත්හ. ඔව්හු සමාරියේ දොරකඩ එළිමහන් තැනක වාඩි වී සිටියහ. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරියෙහි දිවැස් වැකි කියමින් සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 18:9
12 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස විනිශ්චයකරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය.


නුමුත් කුමක් බලන්ට ගියහුද? සිහින් වස්ත්‍ර පැළඳගත් මනුෂ්‍යයෙක්ද? බලව, සිහින් වස්ත්‍ර අඳින්නෝ රජ ගෙවල සිටිති.


එහෙත් සාලමොන් පවා ස්වකීය සියලු ඓශ්චර්යයෙහිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේයයි නුඹලාට කියමි.


මා බලාසිටින අතර සිංහාසන පිහිටුවා, පුරාතන කෙනෙක් වාඩිවුණේය. උන්වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය, උන්වහන්සේගේ හිසකේ පිරිසිදු ලොම් මෙන්ය; උන්වහන්සේගේ සිංහාසනය ගිනිදළුවක්ය, ඒකේ චක්‍ර ඇවිළෙන ගිනිය.


එකල මුහුදේ සියලුම අධිපතීහුද තමුන්ගේ සිංහාසනවලින් බැස, තමුන්ගේ සළු අහක තබා, තමුන්ගේ විසිතුරු වස්ත්‍ර ගළවාදමා, වෙවුලුම් [නැමති වස්ත්‍ර] ඇඳ බිම හිඳගෙන, මොහොතින් මොහොත වෙවුලමින්, නුඹ ගැන විස්මපත් වන්නෝය.


යට තිබෙන පාතාලය නුඹේ ඊමේදී පෙරමගට එන්ට නුඹ නිසා චංචලවේ; එම මළවුන්, එනම් පොළොවේ සියලු ප්‍රධානීන්, නුඹ නිසා පුබුදුවයි; එය ජාතීන්ගේ සියලු රජුන්ද ඔවුන්ගේ සිංහාසනවලින් නැගිටෙවුවේය.


ඉශ්‍රායෙල් රජ යෙහෝෂාපාට්ට කථාකොට: මම වෙස් මාරුකරගන යුද්ධයට යන්නෙමි; නුමුත් ඔබ ඔබගේ වස්ත්‍ර හැඳගතමැනවියි කීවේය. මෙසේ ඉශ්‍රායෙල් රජ වෙස් මාරුකරගත්තේය; ඔව්හු සටනට ගියෝය.


බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේය. බලව, බෝවස් කී ළඟ නෑයා එහි පැමිණියේය. බෝවස් නම කියා: ආ! නුඹද? මෙහි ඇවිත් වාඩිවෙන්නැයි කීය. ඔහු ගොස් වාඩිවුණේය.


එවිට ඉශ්‍රායෙල් රජ ඇමතියෙකුට අඬ ගසා: ඉම්ලාගේ පුත්‍රවූ මීකායා ඉක්මනින් ගෙන්වන්නැයි කීවේය.


කෙනයනාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් විනාශවන තුරු මේවායින් ඔවුන්ට අනින්නෙහිය කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්